Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඇෆ්ඝනිස්ථානයට - අයර්ලන්තයට ටෙස්ට් වරම්

ඇෆ්ඝනිස්ථානයට - අයර්ලන්තයට ටෙස්ට් වරම්

ශනුක අරවින්ද - 2017 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නවතම පූර්ණ සාමාජිකයන් ලෙස ඇෆ්ඝනිස්ථානය සහ අයර්ලන්තය පිළිගනු ලැබ තිබේ. ඒ අනුව ඇෆ්ඝනිස්ථානයට සහ අයර්ලන්තයට ටෙස්ට් වරම් හිමිව තිබේ. ලන්ඩන් නුවරදී අද (22 වැනිදා) පැවැති අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වාර්ෂික මහ සභා රැස්වීමේදී මෙම තීරණය ගනු ලැබ ඇත.

මෙම රටවල් දෙකත් සමගම ලෝකයේ ටෙස්ට් වරම් හිමි රටවල් සංඛ්‍යාව 12 දක්වා වැඩිවනු ඇත. අන්තර්ජාතික ක්‍රිකට් සභාව අවසන් වරට පූර්ණ සාමාජිකත්වය සඳහා රටක් ඇතුළත් කරගත්තේ මීට වසර 17 කට පෙරදීය. ඒ බංග්ලාදේශයට ටෙස්ට් වරම් පිරිනැමීමෙනි.

වසර 1981 දක්වා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකයන් වූයේ රටවල් 7 ක් පමණි. 1981 දී ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් හිමිවූ අතර 1992 දී සිම්බාබ්වේ කණ්ඩායම පූර්ණ සාමාජිකයන් අතරට ඇතුළත් කරගන්නා ලදි. වසර 2000 දී බංග්ලාදේශයට ටෙස්ට් වරම් හිමිවීමත් සමගම ටෙස්ට් වරම් හිමි රටවල් සංඛ්‍යාව 10 ක් දක්වා වැඩිවිය.

පාකිස්තානයට උතුරින් පිහිටි ඇෆ්ඝනිස්ථානයේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් දීර්ඝ කාලීන උනන්දුවක් තිබුණ අතර වසර 2011 සිට නිල වශයෙන් එක්දින ක්‍රිකට් තරග සඳහා සහභාගි වීමේ අවස්ථාව ඔවුන්ට ලැබිණ. වසර 2013 දී ඔවුනට සම සාමාජිකත්වය ලැබිණ. 2015 දී ලෝක කුෂලාන තරගාවලියට සහභාගි වූ ඇෆ්ඝනිස්ථානය විස්සයි-20 ලෝක කුසලාන තරග වලටද සහභාගි වී තිබේ.

වසර 2007 සිටම ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන අයර්ලන්තය 2007 දී පාකිස්තානු පිල පරාජය කිරීමද සමත් විය.

 


අදහස් (0)

ඇෆ්ඝනිස්ථානයට - අයර්ලන්තයට ටෙස්ට් වරම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.