
අස්ථානගතව තිබූ පිතිහරඹය යළි සොයාගත් ශ්‍රී ලංකා පිතිකරුවෝ රාවල්පිණ්ඩි නුවරදී පැවැත්වෙන තුන්කොන් තරගාවලියේදී පාකිස්තානු පිලට එරෙහිව අද (27 වැනිදා) පැවැති තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දෙමින් නියමිත ඕවර 20 නිමාවේදී කඩුලු 5 ක් දැවී ලකුණු 184 ක් ලබාගත්හ.
ආරම්භක පිතිකරු කමිල් මිෂාර විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින්, පන්දු 48 කදී ලකුණු 76 ක් ලබාගත් අතර ඔහුගේ චිත්තාකර්ශනීය ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 6 කින් සමන්විත විය.
කමිල් මිෂාර ලකුණු 67 ක් ලබා සිටියදී දුන් පහසු උඩපන්දුවක් පාකිස්තානු නායක ෂල්මන් අලි අඝා අතින් ගිළිහී ගිය අතර පසුපස නොබැලූ වමත් පිතිකරුවා, ඊළඟ ඕවරයේදී සිය ආස්ථානය නොපිට හරවමින් ‘රිවර්ස් පුල් පහරක්’ ගැසූ මිෂාර එයින් ලකුණු 6 ක් ලබාගත්තේය.

- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.