Last Update  :  2025-05-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රොෂාන් ගුණවර්ධන බැඩ්මින්ටන් මුල් පුටුවට

රොෂාන් ගුණවර්ධන බැඩ්මින්ටන් මුල් පුටුවට

editorial - 2025 මැයි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ හිටපු ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු වන රොෂාන් ගුණවර්ධන මහතා එම සංගමයේ නව සභාපතිවරයා ලෙස නිතරගයෙන් පත්වීමට නියමිතව තිබේ. 

ගුණවර්ධන මහතා මෙම වසරේ (2025) සිට 2027 දක්වා දෙවසරක කාලයක් සඳහා සභාපතිවරයා ලෙස පත්වීම එළබෙන 24 වැනිදා කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවැත්වෙන බැඩ්මින්ටන් සංගමයේ වාර්ෂික මහ සභාවේදී සිදුවනු ඇත. එහිදී බැඩ්මින්ටන් සංගමයේ සෙසු තනතුරු සඳහාද නව නිලධාරීන් තේරී පත්වීමට නියමිතය. 

බැඩ්මින්ටන් සංගමයේ වත්මන් සභාපතිවරයා වන රොහාන් ද සිල්වා මහතා පුද්ගලික හේතුන් සහ කාර්යබහුලත්වය හේතුවෙන් සභාපතිධුරයෙන් ඉවත්වන බව මීට මාස කිහිපයකට පෙර බැඩ්මින්ටන් සංගමයට දැනුම්දුන් අතර ඔහුගේ ඉවත්වීම බැඩ්මින්ටන් සංගමයේ විධායක කමිටුව විසින් අනුමත කරනු ලැබීය. 

ඒ අනුව විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරි එන්.ඒ.ටී. ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු නිලවරණ කමිටුවක් පත් කරමින් නිලවරණය සඳහා නාමයෝජනා කැඳවීමට බැඩ්මින්ටන් සංගමය පියවර ගත් අතර එම නාමයෝජනා විවෘත කිරීමේදී සභාපතිධුරය සඳහා රොෂාන් ගුණවර්ධන මහතාගේ නාමයෝජනාව පමණක් ඉදිරිපත් වී තිබිණි. 

-036 


අදහස් (0)

රොෂාන් ගුණවර්ධන බැඩ්මින්ටන් මුල් පුටුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.