අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ III කොටස යටතේ මීගමුව ලොයෙලා විදුහල සහ කොළඹ ඩඞ්ලි සේනානායක විදුහල අතර වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 110 ක ජයක් අත්කර ගැනීමට ලොයෙලා විදුහල සමත් විය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඩඞ්ලි සේනානායක විදුහලේ හංසජ හිරුණ සහ ලලින්ද ප්‍රනාන්දු කඩුලු 4 බැගින් දවාගනිමින් ඩඞ්ලි සේනානායක විදුහලේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමූහ.
ලොයෙලා විදුහල - ඕවර 46.3 කදී සියලු දෙනා දැවී 195
(සුදීර සොයිසා 57, නිලික ප්‍රනාන්දු 40, නෙත්ම හිමරංග 29, සමීන් නෝනිස් 21, එස්. හෂාන් 29/3, ඩී. තිසර 48/3)
ඩඞ්ලි සේනානායක විදුහල - ඕවර 36 කදී සියලු දෙනා දැවී 85
(ටී. ෂෙහාන් 21, හංසජ හිරුණ 15/4, ලලින්ද ප්‍රනාන්දු 14/4)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.