අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල අතර හොරණ ශ්‍රීපාලි ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට වේල්ස් කුමර විදුහල සමත් විය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ වේල්ස් කුමර විදුහලේ විසුක මලින්ද ලකුණු 38 කට කඩුලු 5 ක් දවාගනිමින් ධර්මාශෝක විදුහල් පළමු ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා පුරෝගාමී විය.
ධර්මාශෝක විදුහල් පළමු ඉනිම - ඕවර 40.5 කදී සියලු දෙනා දැවී 100
(ජනක ධනංජය 26, කිරන ධෝමිල නොදැවී 20, විසුක මලින්ද 38/5, මෙසිත් ද සිල්වා 13/2, අචල පෙරේරා 37/2)
වේල්ස් කුමර විදුහල් පළමු ඉනිම - ඕවර 49.1 කදී කඩුලු 8 ක් දැවී 101
(රුචිර මල්ෂාන් නොදැවී 26, අචල පෙරේරා 22, දමිරු මන්සද 20, ජානක ධනංජය 21/3, ඉෂාන් අනුරාධ 28/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.