අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ වත්තල ශාන්ත අන්තෝනි විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල අතර ශාන්ත අන්තෝනි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.
එහිදී ශාන්ත අන්තෝනි විදුහල වෙනුවෙන් අමිත සංදීප (89) ද, වේල්ස් කුමර විදුහල වෙනුවෙන් සුමල්ක ප්‍රනාන්දු (64) ද අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.
ශාන්ත අන්තෝනි විදුහල පළමු ඉනිම - ඕවර 67.2 කදී කඩුලු 9 ක් දැවී 254
(අමිත සංදීප 89, කිත්ම නිමාන් 40, සහන් අනිකෙත් 36, විසුක මාලිංග 60/4, අචල පෙරේරා 50/3)
වේල්ස් කුමර විදුහල පළමු ඉනිම- ඕවර 46 කදී කඩුලු 5 ක් දැවී 148
(සුමල්ක ප්‍රනාන්දු 64, කෙනෙල් ද සොයිසා 48, දමිරු නිම්සද 25, අමිත සංදීප 55/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.