අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ III කොටස යටතේ බෝපිටිය ලොයොලා විදුහල සහ උඩුගම්පොල ශාන්ත පීතර විදුහල අතර දළුපොත බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශාන්ත පීතර විදුහලේ රයන් මැතිව්ස් ලකුණු 16 කට කඩුලු 5 ක් දවාගනිමින් ලොයොලා විදුහල් ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කළේය.
ලොයොලා විදුහල් පළමු ඉනිම - ඕවර 45.4 කදී සියලු දෙනා දැවී 95
(ළහිරු මිහිරන්ත 40, දිමුතු ඕෂධ 24, රයන් මැතිව්ස් 16/5, හසන් තේජාන් 13/3)
ශාන්ත පීතර විදුහල් පළමු ඉනිම - ඕවර 23 කදී කඩුලු 4 ක් දැවී 63
(සචින් දෙව්මිණ 15, ක්‍රිෂ් ශර්වින් 11/2, විහඟ පෙරේරා 17/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.