අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ III කොටස යටතේ මතුගම ශාන්ත මරියා විදුහල සහ පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල අතර පානදුරදී පැවැති තරගයෙන් ඉනිමක සහ ලකුණු 60 ක ජයක් අත්කර ගැනීමට ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත් විය.
එහිදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දක්සම් දැක්වූ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ යෙසිත් නිරෝද් ලකුණු 128 ක් රැස්කරමින්, ලකුණු 89 කට කඩුලු 7 ක් දවාගැනීමටද සමත් විය.
ශාන්ත මරියා විදුහල් පළමු ඉනිම - ඕවර 21.2 කදී සියලු දෙනා දැවී 58
(චමුදිත මඳුබාෂන 21, මනුජ චන්තුක 07/4, යෙසිත් නිරෝද් 26/3, දිල්නෙක් අභිෂේක් 06/2)
ලයිසියම් ජාත්‍යන්තර පාසල් පළමු ඉනිම - ඕවර 38 කදී කඩුලු 8 ක් දැවී 201
(යෙසිත් නිරෝද් 128, අක්මාල් ටෆ්ලි 25, යසිත් මධුරංග 63/4, නිකිල් ආකේෂ් 15/2)
ශාන්ත මරියා විදුහල් දෙවැනි ඉනිම - ඕවර 24.5 කදී සියලු දෙනා දැවී 83
(අකිල යසිත් 37, ප්‍රමුදිත මධුභාෂිත 32, යෙසිත් නිරෝද් 15/4, හේෂාන් ලියනගේ 1243, එම්. අභිෂේක් 15/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.