අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කොටස යටතේ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල සහ රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම අතර රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය.
එහිදී ලයිසියම් ජාත්‍යන්තර පාසල් ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා පුරෝගාමී වූ උෂාන් බෝරුප්ප ලකුණු 17 කට කඩුලු 5 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වීය.
ලයිසියම් ජාත්‍යන්තර පාසල - ඕවර 27.5 කදී සියලු දෙනා දැවී 61
(උෂාන් බෝරුප්ප 17/5, උවිඳු වීරසේකර 06/2)
රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම - ඕවර 14.1 කදී කඩුලු 4 ක් දැවී 62
(සදෙව් අඹේගුණවර්ධන 23, ධනුජ අලුවිහාරේ 11/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.