අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ කඳාන ද මැසිනොද් විදුහල සහ කොළඹ කේරි විදුහල අතර දෙමටගොඩ දුම්රිය දෙපාර්තමේන්තු ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත් විය.
එහිදී මැසිනොද් විදුහල වෙනුවෙන් සිතුම් ප්‍රනාන්දු (95) සහ හසින්ත දසුන්ප්‍රිය (64) ද, කේරි විදුහල වෙනුවෙන් කවීන් කුලේන්ද්‍රන් (62) ද අර්ධ ශතක ලබාගත්හ.
මැසිනොද් විදුහල - ඕවර 52 කදී කඩුලු 4 ක් දැවී 229
(සිතුම් ප්‍රනාන්දු 95, හසින්ත දසුන්ප්‍රිය 64, ලිතික බමිෂ් 38/2)
කේරි විදුහල - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 214
(කවීන් කුලේන්ද්‍රන් 62, රවුෂාන් කපූර් 39, දිනුර වනිගසේකර 37, පත්මනාදන් කවිෂාන් 32, ලිතික බිම්සර 23, තුෂාන් උදයංග 45/3, ලක්මාල් කනිෂ්ක 23/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.