අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ III කොටස යටතේ රිකිල්ලගස්කඩ පොරමඩුල්ල මහ විදුහල සහ ගම්පොල කුරුඳුවත්ත රාජකීය විදුහල අතර පොරමඩුල්ල මහ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 15 ක ජයක් අත්කර ගැනීමට පොරමඩුල්ල මහ විදුහල සමත් විය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ පොරමඩුල්ල මහ විදුහලේ ගයාන් සංදීප ලකුණු 27 කට කඩුලු 6 ක් දවාගනිමින් කුරුඳුවත්ත රාජකීය විදුහලේ ජයග්‍රාහී මාවත අවහිර කළේය.
පොරමඩුල්ල මහ විදුහල් පළමු ඉනිම - ඕවර 32.3 කදී සියලු දෙනා දැවී 130
(සී.ජේ. දුනුසිංහ 36, බී. වික්‍රමසිංහ 26, එම්. උදාර 20/3, කේ. ඉගුරුවත්ත 23/3, එම්. බණ්ඩාර 20/2)
කුරුඳුවත්ත රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 33.1 කදී සියලු දෙනා දැවී 115
(ගයාන් සංදීප 27/6, එම්. වීරවර්ධන 14/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.