අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ කොළඹ නාලන්දා විදුහල සහ පාදුක්ක සිරි පියරතන විදුහල අතර මීගොඩ ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට නාලන්දා විදුහල සමත් විය.
එහිදී නාලන්දා විදුහලේ රූසිරි විලෝචන (85) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම සදිත විතානගේ ලකුණු 25 කට කඩුලු 5 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය.
නාලන්දා විදුහල් පළමු ඉනිම - ඕවර 37.4 කදී කඩුලු 8 ක් දැවී 200
(රූසිරි විලෝචන 85, යසිරු සමරකෝන් 36, ආකේෂ් මනෝරත්න 25, රංසික සෙනරත් 20, රුක්ෂාන් බණ්ඩාර 33/3, ශාමල් නිම්නද 18/2)
සිරි පියරතන විදුහල් පළමු ඉනිම - ඕවර 36.2 කදී සියලු දෙනා දැවී 111
(උමේෂ් මහවිදගේ 34, ලෝචන නාවුල 25, මලිත් කුමාර 23, සදිත විතානගේ 25/5, රංසික සෙනරත් 09/2, මිනෝද් කල්දේරා 34/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.