
(ෂේන් සෙනෙවිරත්න)
අස්ගිරිය ක්‍රීඩා පිටියේදී පැවැති ත්‍රිත්ව විදුහලත් කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලක් අතර 105 වැනි ජෝන් හලංගොඩ කුසලාන මහ ක්‍රිකට් තරගය සෙනසුරාදා (16 වැනිදා) ජය පැරදුමෙන් තොරව නිමාවිය .
කාසියේ වාසිය දිනූ ත්‍රිත්ව විදුහල් පිලේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශාන්ත අන්තෝනි පිල සියලු දෙනා දැවී ලකුණු 249 ක් ලබාගත්තේය. ඊට පිළිතුරු ලෙස දෙවැනි දිනයේදී පන්දුවට පහර දුන් ත්‍රිත්ව පිල දිනය අවසන් වන විටකඩුලු 9 ක් දැවී ලකුණු 232 ක් රැස් කරගැනීමට සමත්විය .
ත්‍රිත්ව විදුහල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ විදූක ධම්මගේ අර්ධ ශතකයක් (70) ලබාගත් අතර ශාන්ත අන්තෝනි විල වෙනුවෙන් බිමශ් විදුදය ලකුණු 30ට කඩුලු 3 ක් බිඳ හෙළීමට සමත් විය .
ශාන්ත අන්තෝනි - පළමු ඉනිම 249 යි
(තිසර ඒකනායක 63, කෞෂික කුමාරසිංහ 32, ජනක රත්නායක 16, ජනිත් රත්නසිරි 59, කෙවින් ප්‍රනාන්දු 13, ඉඳුවර ගලපිටගේ 16, කවිෂ පියුමල් 14, වාතිල උදාර 36/2, දිනූක තෙන්නකෝන් 34/2, සුපුන් වඩුගේ14/2 )
ත්‍රිත්ව - පළමු ඉනිම කඩුලු 9 ට 232 යි
(විදුක ධම්මගේ 70, දමිත මහාවිතාන 39, සුපුන් වඩුගේ 18, මනුල කුලරත්න 36, දිනූෂ පීරිස් 21, ජනිත රශ්වික නොදැවී 11, බිමශ් විදුදය 30/3, කෙවින් පියුමල් 60/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.