අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කොටස යටතේ මහනුවර ත්‍රිත්ව විදුහල් ‘බී’ කණ්ඩායම සහ මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල අතර ගොඩිගමුව ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 9 ක ජයක් අත්කර ගැනීමට නාලන්දා මැදි විදුහල සමත් විය.
එහිදී ත්‍රිත්ව විදුහල් ‘බී’ ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා පුරෝගාමී වූ චාරුක ජනිත් සහ නඳුන් කල්හාර කඩුලු 3 බැගින් දවාගැනීමට සමත් වූහ.
ත්‍රිත්ව විදුහල් ‘බී’ කණ්ඩායම - ඕවර 26.4 කදී සියලු දෙනා දැවී 52
(එම්. නදීම් 21, චාරුක ජනිත් 02/3, නඳුන් කල්හාර 07/3)
නාලන්දා මැදි විදුහල - ඕවර 8.2 කදී කඩුල්ලක් දැවී 53
(නඳුන් කල්හාර නොදැවී 28)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.