අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ කැලණිය ගුරුකුල විදුහල සහ වත්තල ශාන්ත අන්තෝනි විදුහල අතර ශාන්ත අන්තෝනි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.
එහිදී ජනිතු ෂෙහාන් (59) ගුරුකුල විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම සන්දේෂ් චාරුක ලකුණු 10 කට කඩුලු 4 ක් දවාගත්තේය.
ගුරුකුල විදුහල් පළමු ඉනිම - ඕවර 60.4 කදී සියලු දෙනා දැවී 179
(ජනිතු ෂෙහාන් 59, සෙනෙෂ් සුලෝචන 29, සමිත සංදීප 51/5)
ශාන්ත අන්තෝනි විදුහල් පළමු ඉනිම - ඕවර 26 කදී කඩුලු 9 ක් දැවී 48
(සන්දේෂ් චාරුක 10/4, කවිත් ටේරෂාන් 12/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.