Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ඒ කොටසේ ශූරතාව සිරි කුරුස විදුහලට
පාසල් ක්‍රිකට්

ඒ කොටසේ ශූරතාව සිරි කුරුස විදුහලට

editorial - 2022 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ II කාණ්ඩයේ ‘ඒ’ කොටසේ ශූරතාව දිනාගැනීමට කළුතර සිරි කුරුස විදුහල සමත් විය.

කොළඹ බී.අර්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට එරෙහිව කඩුලු 6 ක ජයක් වාර්තා කරමින් සිරි කුරුස ක්‍රීඩකයෝ මෙවර ශූරතාවට හිමිකම් කීහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ලයිසියම් ජාත්‍යන්තර පාසල ඕවර 23.2 ක් ලකුණු 74 කට සීමා කිරීමට පසිඳු විමංස ප්‍රමුඛ සිරි කුරුස පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ පසිඳු ලකුණු 16 කට කඩුලු 4 ක් දවාගත්තේය.  

ජයග්‍රහණය සඳහා ලකුණු 75 ක ඉලක්කයක් හඹාගිය සිරි කුරුස විදුහල, ඕවර 26.5 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ඉලක්කය සපුරාගත්හ. එහිදී ගයන්ත නදීෂාන් ලකුණු 26 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය.


ලයිසියම් ජාත්‍යන්තර පාසල - ඕවර 23.3 කදී සියලු දෙනා දැවී 74
(රයන් පෙරේරා 15, පසිඳු විමංස 16/4, සනුක චෙරාන් 20/2)

සිරි කුරුස විදුහල - ඕවර 26.5 කදී කඩුලු 4 ක් දැවී 75
(ගයන්ත නදීෂාන් 26, දිනෙත් බිම්සර 15/2, මොහොමඩ් රිෆ්නාස් 15/2)  

 


අදහස් (0)

ඒ කොටසේ ශූරතාව සිරි කුරුස විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.