ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන ‘සිංගර් කුසලාන’ වයස අවුරුදු 15 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ දෙවැනි වටය සඳහා කණ්ඩායම් 32 ක් සුදුසුකම් ලබා ඇත.
දෙවැනි වටයේ තරගද කාණ්ඩ 8 ක් යටතේ ලීග් ක්‍රමයට අනුව පැවැත්වෙන අතර එක් කාණ්ඩයකට කණ්ඩායම් 4 ක් බැගින් ඇතුළත් වේ. දෙවැනි වටයේදී තරග 48 ක් පැවැත්වීමට නියමිතය.
එක් කණ්ඩායමකට තරග 3 කට මුහුණදීමට සිදුවන අතර ඒ ඒ කාණ්ඩයන්හි ශූරයින් සහ අනු ශූරයින් බවට පත්වන කණ්ඩායම් 16 පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනී. එම කණ්ඩායම් 16 එතැන් සිට පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට තරග වදිනු ඇත.
දෙවැනි වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම්
‘කිව්’ කාණ්ඩය
කෝට්ටේ ජනාධිපති විද්‍යාලය, කළුතර සිරිකුරුස විද්‍යාලය, කොළඹ ලුම්බිණි විද්‍යාලය, ජාඇල ක්‍රිස්තුරාජ විද්‍යාලය
‘ආර්’ කාණ්ඩය
මොරටුව වේල්ස් කුමර විද්‍යාලය, වත්තල ශාන්ත අන්තෝනී විද්‍යාලය, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනී විද්‍යාලය
‘එස්’ කාණ්ඩය
මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය, කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය, කැළණිය ගුරුකුල විද්‍යාලය, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය
‘ටී’ කාණ්ඩය
කොළඹ ඩි.එස්.සේනානායක විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලය, රත්ගම දේවපතිරාජ විද්‍යාලය
‘යු’ කාණ්ඩය
කොළඹ ඉසිපතන විද්‍යාලය, පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය, සඳලංකාව මධ්‍ය මහා විද්‍යාලය, මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය
‘වී’ කාණ්ඩය
ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය, කොළඹ ශාන්ත පීතර විද්‍යාලය, මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය, වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විද්‍යාලය
‘ඩබ්ලිව්’ කාණ්ඩය
කොළඹ කේරී විද්‍යාලය, මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය, කඳාන ද මැසිනොද් විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය
‘එක්ස්’ කාණ්ඩය
කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලය, කොළඹ මහනාම විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය, ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය
...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.