පානදුර ශාන්ත ජෝන් සහ රාජකීය විදුහල් අතර මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී පැවැති ‘හරිත සටන’ ජය පරාජයෙන් තොරව නිමා විය. පිට පිටම දෙවැනි වරටත් පන්දුව පහර දුන් පානදුර රාජකීයයෝ කඩුලු 4 ක් දැවී ලකුණු 48 ක් ලබා සිටි අවස්ථාවේදී ඇතිවූ වර්ෂාව හේතුවෙන් තරගය නතර කිරීමට සිදුවිය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශාන්ත ජෝන් විද්‍යාලය වෙනුවෙන් අති විශිෂ්ට පිතිහරඹයක නිරත වූ නායක දෙනෙත් පීරිස්, හතරේ පහර 20 ක් ද සමගින් ලකණු 148 ක් ලබාගත්තේය. ලකුණු 40 දී තුන්වැනි කඩුල්ලත් බිඳ වැටීමෙන් පසුව පැමිණි නායකයා, සඳුන් මෙන්ඩිස් සමගින් එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 155 ක සම්බන්ධතාවක් ගොඩනැංවූයේය. පසුව හිමාෂ් ආදිත්‍ය සමගින් එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 65 ක් එක්කළ දෙනෙත් පීරිස්, මුහුණ දුන් 153 වැනි පන්දුවේදී දැවී යන විට මුලු ලකුණු සංඛ්‍යාව 260 ක් විය.
දෙනෙත් ඇතුළු ශාන්ත ජෝන් මැද පෙළ පිතිකරුවන්ගේ කරදරය කොතෙක් ද යත් රාජකීය නායකයා පන්දු යවන්නන් 9 දෙනකුම යොදවා ගත්තද ඔවුන් මෙල්ලකරගත නොහැකි විය.
පානදුර ශාන්ත ජෝන් විද්‍යාලය - පළමු ඉනිම කඩුලු 7 ට 304 යි
(ගීත්ම ප්‍රනාන්දු 20, චරිනු ප්‍රනාන්දු 11, සඳුන් මෙන්ඩිස් 50, දෙනෙත් පීරිස් 148, හිමාෂ් ආදිත්‍ය 42, හිරුෂ පීරිස් 24, කවීෂ පෙරේරා 41/2)
පානදුර රාජකීය විදුහල - පළමු ඉනිම 153 යි
(ජොහාන් පතිරණ 40, ගවීන් යටවර 34, සෙනුර නිලාන් 16, සත්සා නිලංජිත් 15, සදෙව් විජේරත්න 15, හිරූෂ පීරිස් 15/2, ලසිඳු බණ්ඩාර 25/4, ගිම්හාන් විජේසේකර 26/2)
පානදුර රාජකීය විද්‍යාලය - දෙවැනි ඉනිම කඩුලු 4 ට 48 යි
(සත්සා නිලංජිත් 12, රන්මිර ප්‍රනාන්දු 20)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.