
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කොටස යටතේ රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම සහ මහානාම විදුහල් ‘බී’ කණ්ඩායම අතර රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.
එහිදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එක සේ දස්කම් දැක්වූ ෂෙහත් පෙරේරා ලකුණු 81 ක් රැස්කරමින් ලකුණු 32 කට කඩුලු 4 ක්ද දවාගත්තේය.
රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 56 කදී කඩුලු 6 ක් දැවී 246
(ෂෙහත් පෙරේරා 81, ඔමල් දිසානායක නොදැවී 53, බුධ කුමාරතුංග 50, තනුල දිලන 39)
මහානාම විදුහල් පළමු ඉනිම - ඕවර 52 කදී කඩුලු 8 ක් දැවී 113
(කළිඳු බණ්ඩාර 34, නිතිර සිල්වා 28, ෂෙහත් පෙරේරා 32/4, විනුක ප්‍රේමවර්ධන 20/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.