
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ කොළඹ නාලන්දා විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර නාලන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත් විය.
එහිදී යසිරු සමරකෝන් (58) නාලන්දා විදුහල වෙනුවෙන්ද, ගවින් කරුණාකලගේ (55) ශාන්ත පීතර විදුහල වෙනුවෙන්ද අර්ධ ශතක ලබාගත්හ.
නාලන්ද විදුහල - ඕවර 73.3 කදී සියලු දෙනා දැවී 226
(යසිරු සමරකෝන් 58, ආකේෂ් මනෝරත්න 44, රුසිරු විලෝචන 28, තිනුර රන්දින නොදැවී 23, ෂෙනන් රොද්‍රිගූ 51/4, ජූඞ් ඩැනියෙල් 75/3, විෂේන් හැලඹගේ 33/2)
ශාන්ත පීතර විදුහල - ඕවර 40 කදී කඩුලු 7 ක් දැවී 148
(ගවින් කරුණාකලගේ 55, රුසඳ ගමගේ නොදැවී 28, සජිත් විතානගේ 30/2, මිනෝද් කල්දේරා 37/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.