Last Update  :  2025-05-04 16:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව rugby_inner වර්ණභේදවාදයේ කළු සෙවණැළි යළිත්

වර්ණභේදවාදයේ කළු සෙවණැළි යළිත්

සංජය එරමුදුගොඩ - 2015 සැප් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

අපි‍්‍රකානු මහද්වීපයේ දකුණු දිගට වන්නට පිහිටා ඇති තිබෙන ‘දේදුණු ජාතිය’ නමින් හැඳින්වෙන දකුණු අපි‍්‍රකාව වර්ණභේදවාදය තුරන් කිරීමට පුරෝගාමී වූ රටකි. වර්ණභේදවාදය තුරන් කිරීමටත් සාමයට මඟ පෙන්වීමටත් ‘කී‍්‍රඩාව’ වඩාත් යෝග්‍ය වේදිකාවක් බව පෙන්වා දුන්නේද අපි‍්‍රකාවයි.

ඒ 1992 දී ලෝක කුසලන කි‍්‍රකට් තරගාවලියත් 1995 දී ලෝක කුසලාන රග්බි තරගාවලියත් මනාව ප‍්‍රයෝජනයට ගනිමිනි.

වර්ණභේදවාදය පවත්වාගෙන යාමත් ඊට අනුබල දීමත් නිසා අන්තර්ජාතික කෙළිබිමේදී පැනවී තිබූ තහංචි හේතුවෙන් 1987 හා 1991 වසරවල පැවැති ලෝක කුසලාන රග්බි තරගාවලි දෙකටම දකුණු අපි‍්‍රකාව වැද්ද ගත්තේ නැත. දකුණු අපි‍්‍රකාව සිය මංගල රග්බි ලෝක කුසලානයට සහභාගී වන්නේ තම මව් රටේදී 1995 දීය.

ඒ පශ්චාත් වර්ණභේදවාදී යුගයයි.

1990-91 වසරවලදී නෙල්සන් මැන්ඩෙලාගේ අප‍්‍රමාණ කැපවීමත්, අධිෂ්ඨානශීලී නායකත්වයත් නිසා වර්ණභේදවාදයෙන් මිදීමට දකුණු අපි‍්‍රකාව සමත් වීමත් සමඟ දකුණු අපි‍්‍රකාවට නැවතත් අන්තර්ජාතික කෙළිබිමේ දොරටු විවෘත වෙයි. දකුණු අපි‍්‍රකානුවන් නැවතත් රග්බි පිටියට පැමිණෙන්නේ 1992 වසරේදීය.

 

හෙනික් මේයර්

 

මුල් වරට 1995 දී රග්බි ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන දකුණු අපි‍්‍රකාව එම තරගාවලියේ අවසාන මහ තරගයේදී ප‍්‍රබල නවසීලන්තය පරදවා ලෝක කුසලානය දිනාගන්නේ එය දකුණු අපි‍්‍රකා කී‍්‍රඩා ඉතිහාසයේ සුවිශේෂීම සන්ධිස්ථානය බවට පත්කරමිනි.

වර්ගවාදය නිම කිරීමට ඇප කැපවූ නෙල්සන් මැන්ඩෙලා 1995 අවසාන මහ තරගයේදී දකුණු අපි‍්‍රකානු කණ්ඩායම දිරිමත් කිරීමට මහත් වෙහෙසක් ගත්තේය. ඔහු කී‍්‍රඩා පිටියට පැමිණියේ දකුණු අපි‍්‍රකානුවන්ගේ නිල රග්බි බැනියම වන කොළ පැහැති ‘ස්පි‍්‍රංබොක්’ බැනියමත් ඇගලාගෙනය.

එය නෙල්සන් මැන්ඩෙලාගේ සුප‍්‍රකට ‘මඩිබා මැජික්’ විජ්ජාවක් වශයෙන්ද පසුව හැඳින්විණ. ලෝකය සහ දකුණු අපි‍්‍රකාව වෙනුවෙන් මැන්ඩෙලා කළ දේවල් වෙනත් අයකුට කළ නොහැකි නිසාත්, ඒවා සුවිශේෂී කි‍්‍රයා නිසාත් ඒ සියල්ල ‘මැජික්’ හෙවත් විජ්ජා ලෙසින් හැඳින්විණ.

එම අවසාන මහ තරගය මුල් කරගනිමින් ‘ඉන්වික්ටස්’ නමින් ලෝ ප‍්‍රකට චිත‍්‍රපයටක් ද තැනෙන්නේය. ක්ලින්ට් ඊස්ට්වුඞ් අධ්‍යක්ෂණය කරන, මෝගන් ෆී‍්‍රමන් හා මැට් ඬේමන් රංගනයෙන් දායක වන ‘ඉන්වික්ටස්’ චිත‍්‍රපටය පුරා දිවෙන්නේ 1995 රග්බි ලෝක කුසලානය දිනාගන්නා තෙක් දකුණු අපි‍්‍රකාවේ ගමන් මඟයි.

එහෙත් වත්මන් දකුණු අපි‍්‍රකානු කණ්ඩායම තුළට වර්ණභේදවාදය රිංගා ඇතැයි දැන් දැන් කණින් කොනින් අසන්නට තිබේ. තවත් දින හයකින් ආරම්භ වීමට නියමිත 8 වැනි රග්බි ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් දකුණු අපි‍්‍රකානු සංචිතය නම් කිරීමත් සමඟ දකුණු අපි‍්‍රකානුවන් තුළ වර්ගවාදයේ උණුසුම පැතිර යන්නට පටන් ගෙන ඇත.

ලොව උපදින සියලූ දෙනා මනුෂ්‍යයෝය. සමේ පැහැයෙන් වෙනස් වුවද, ඔවුන් සුදු කළු චරිත බවට පත්වන්නේ කි‍්‍රයාවෙනි. සමයේ පැහැය නිසා වෙනස්කොට සැලැකීම තවමත් ලොවෙන් තුරන් නැති වී බව නැවත දකුණු අපි‍්‍රකාවෙන්ම වාර්තා වීම තවත් සුවිශේෂී සිදුවීමකි.

ඕස්ටේ‍්‍රලියාවත් නවසීලන්තයත් අතර පැවැති තරග පරාජයට පත්වීමත් සමඟ කළු සමක් සහිත කී‍්‍රඩකයන්ට දෙන අවස්ථා අඩු කර ඇති අතර පුහුණුකරු හෙයිනෙක් මේයර් දැඩි තීරණයක් ගනිමින් ආර්ජන්ටිනාව සමඟ පැවැති පුහුණු තරගයට සුදු සමක් ඇති කී‍්‍රඩකයෝ 13 ක් නම් කිරීමට කටයුතු කර තිබිණි.

මේ නම් කිරීම සම්බන්ධයෙන් නෙසතුටට පත් දකුණු අපි‍්‍රකා ජාතික රග්බි කණ්ඩායමේ නම් සඳහන් නොකළ කී‍්‍රඩකයන් පස් දෙනකු වර්ගවාදී වෙනස්කම් සම්බන්ධයෙන් තමන්ට පැමිණිලි කළ බව දකුණු අපි‍්‍රකාවේ ජාතික වෘත්තීය සමිති සම්මේලනය වන ’කොසාටු’ අවධාරණය කරයි.

එහෙත් පුහුණුකරු හෙයිනෙක් මේයර් එම චෝදනාව ප‍්‍රතික්ෂේප කරයි.
”මා වර්ණය දිහා බලන්නේ නැහැ, මා බලන්නේ හොඳම කී‍්‍රඩකයන් දිහා”
”මට මගේ කී‍්‍රඩකයන් සමඟ හොඳ සබඳතාවක් තියෙනවා’’ යැයි ඊට පිළිතුරු දෙමින් පුහුණුකරු මේයර් පවසා තිබිණි.

බොහෝ දෙනා අතර ජනපි‍්‍රයත්වයට පත් නොවූ ‘නව න්‍යායපත‍්‍රයක් සඳහා වූ නියෝජිතායතනය’’ නැමැති කණ්ඩායමක් මේ මස මුලදී දකුණු අපි‍්‍රකා රග්බි කණ්ඩායම ලෝක කුසලානයට සහභාගී වීම වළක්වාලීමේ අරමුණින්, කී‍්‍රඩකයන්ගේ ගමන් බලපත‍්‍ර තහනම් කිරීම සඳහා අධිකරණය හමුවට ගිය බව ද වාර්තා විය.

එම නඩුව ඉවත දැමුවද, රග්බි කී‍්‍රඩාව මුල් කරගනිමින් සිදුවුණු වාර්ගික ප‍්‍රතිසංස්කරණ සුමට ලෙස විවේචනය ලක් කළද, එය ජාතික ගැටළුවක් ලෙස ප‍්‍රකාශ කරමින් තවදුරටත් ඒ පිළිබඳ සොයා බලන්නැයි අධිකරණය නියෝග කළේය.

කෙසේ වෙතත් දැනට එල්ල වී ඇති චෝදනාවලින් එකක් වන්නේ ආර්ජන්ටිනාවට එරෙහිව පැවැත්වෙන තරගයේදී කළු ජාතික විගර් කී‍්‍රඩකයකු වන කොන්ඩ‍්‍රඞ් හෙන්රික්ස් ඉවත දමා සුදු ජාතිකයකු වන ජෙසී කර්ල්ට එම ස්ථානය දුන් බවයි. ජෙසී කර්ල් ‘ෆුල් බෑක්’ කී‍්‍රඩකයෙකි.

කළු සමක් සහිත කී‍්‍රඩකයන් කී‍්‍රඩා කරන ස්ථාන සඳහා එම ස්ථානවල සමාන්‍යයෙන් කී‍්‍රඩා නොකරන සුදු ජාතික කී‍්‍රඩකයන් ඇතුළත් කිරීමද මේයර්ට එරෙහිව එල්ල වී ඇති පොදු චෝදනාවකි.

තමන්ට අංක 11 බැනියම දීම නිසා තමන් මහත් අපහසුතාවට පත්වූ බවද සුදු ජාතික ස්ක‍්‍රම් හාෆ් කී‍්‍රඩකයකු වන ෆ‍්‍රැන්කෝ හොගාර්ඞ් අවස්ථා කිහිපයකදීම පිළිගෙන තිබිණ. එවැන්නක් කර ඇත්තේ ‘වි`ගර්’ කී‍්‍රඩකයකු වශයෙන් ලවාසි මාවෝවෝ ඉතාමත් හොඳින් දස්කම් දක්වමින් සිටියදීය.

මේ කළු සුදු භේදය දකුණු අපි‍්‍රකානු රග්බි කී‍්‍රඩාම සමග කලක පටන්ම බද්ධව පවතින්නකි.

සුදු ජාතිකයක් කියන්නේ දෙවරක්ම ලෝක කුසලාන දිනාගත් අපේ ආදරණීය රග්බි කණ්ඩායම කල්ලන් විසින් දුර්වල කර දමන බවයි. එහෙත් ජනගහණයෙන් සියයට 90 ක්ම කළු ජාතිකයන් සිටින රටක නියෝජනය ඒ තරමට සුදු ජාතිකයන් උවමනා නැතැයි කළු ජාතිකයෝ කියති.

රග්බි ලෝක කුසලානය වෙනුවෙන් දකුණු අපි‍්‍රකා කණ්ඩායමට ඉදිරිපත් කළ 31 දෙනකුගෙන් සමන්විත සංචිතයට මේයර් ඇතුළත් කර ඇත්තේ කළු සමක් ඇති කී‍්‍රඩකයන් 9 දෙනකු පමණි.

”මෙම වර්ගවාදී නොසලකාහැරීම් ඉක්මනින් ඉවර වෙන එකක් නැහැ. දැන් සිදුවෙන් දේවල්වලින් කළු ජාතිකයන් කළකිරෙනවා වගේම එය ඔවුනට කරන අසාධාරණයක්. ස්පි‍්‍රංබොක්ස්ලා තාමත් ඉන්නේ අතීතයේ”

”සුදු ජාතික කී‍්‍රඩකයන් හොඳින් කී‍්‍රඩා නොකරන විටත් ඔවුන්ව ඉවත් කරන්න අවුරුද්දක් විතර යනවා. ඒත් කළු ජාතික කී‍්‍රඩකයෙක් එක් තරගයක් හොඳින් කී‍්‍රඩා කළේ නැත්නම් ඔහුට ඊළඟ තරගයට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ” යයි කළු ජාතිකයෝ ප‍්‍රශ්න කරති.

දකුණු අප්‍රිකානු ප්‍රේක්ෂිකාවන් දෙදෙනෙක්

”හොඳින් කී‍්‍රඩා කරන කළු කී‍්‍රඩකයන්ට පවා අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේ කරුණු සම්බන්ධයෙන් මේයර් සියයට සියයක් නිවැරැදියි කියා මා සිතන්නේ නැහැ”

”සැකයක් මතු වූ විටෙක, ඔහුට පෙර සිටි බොහෝ දකුණු අපි‍්‍රකානු පුහුණුකරුවන් සේම, සුදු සමක් ඇති කී‍්‍රඩකයන් සමඟ කටයුතු කිරීමේදී ඔහුට පහසුවක් දැනෙන්නට ඇති”

”එය හරිත් නැහැ. වැරදිත් නැහැ.... ඒත් මේ දකුණු අපි‍්‍රකාවේ රග්බි දිහා බලද්දි, මෙය පිළිගත නොහැකියි” යයි බිස්නස් ටුඬේ පුවත්පත වෙත තීරු ලිපියක් ලියන මාක් කොහේන් පවසයි. මාක් කෙහේන් දකුණු අපි‍්‍රකානු රග්බි කණ්ඩායමේ හිටපු නිලධාරියෙක්ද වෙයි.

දකුණු අපි‍්‍රකා රග්බි සංගමයේ සභාපති  ඕර්ගන් හොස්කින්ස් හෝ විධායක නිලධාරී ජූරි රූක්ස් මේ සම්බන්ධයෙන් කිසිවක් ප‍්‍රකාශ කර නැතැයි රග්බි කී‍්‍රඩාව පිළිබඳ රචකයකු මෙන්ම තීරු ලිපි රචකයකුද වන ලිස් මැක්ග්‍රෙගර් පවසයි.

කෙසේ වෙතත් දකුණු අපි‍්‍රකානු රජය මෙන්ම දකුණු අපි‍්‍රකානු රග්බි සංගයේ ඉලක්කය වූයේ රග්බි තරගයක් පැවැත්වෙන දිනයේ කණ්ඩායමට නම් කෙරෙන කී‍්‍රඩකයන් 23 දෙනාගෙන් අඩු තරමේ 7 දෙනකු වත් කළු සම ඇති කී‍්‍රඩකයන් විය යුතු බවත් ඔවුන්ගෙන් පස් දෙනෙක්වත් සෑම අවස්ථාවකදීම තරගයේ යෙදෙමින් සිටිය යුතු බවත්ය.

බ්‍රයන් හබානා

ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැති පුහුණු තරග හතරේදීම මෙම ඉලක්කය සපුරා ගැනීමට මේයර් අසමත් වු අතර, ආර්ජන්ටිනාව සමඟ පැවැති තරගයට සහභාගී වූයේ කළු සමක් ඇති කී‍්‍රඩකයන් දෙදෙනකු පමණි. එම තරගය තියුණු සටනකින් පසු ජයගැනීමට ආර්ජන්ටිනා කණ්ඩායම සමත්විය.

සතියකට පසු පැවැති තරගයට පෙර දී මෙන් නොව කළු සමක් ඇති කී‍්‍රඩකයන් සිව් දෙනකු ඇතුළත් කිරීමට මේයර් කටයුතු කළ අතර එම තරගය පහසුවෙන්ම ජයගැනීමට දකුණු අපි‍්‍රකා කණ්ඩායම සමත් වූ අතර එම තරගයේදී එම කණ්ඩායමේ කළු පැහැති සමක් ඇති කී‍්‍රඩකයකු වූ ලවාස් එම්වෝවෝ විශිෂ්ට උත්සාහක දිනුමකින් ලකුණු රැුස් කිරීමට ද සමත්විය.

කෙසේ වෙතත් කළු සමක් ඇති කී‍්‍රඩකයන් පැමිණීම සම්බන්ධයෙන් සුදු සමක් ඇති කී‍්‍රඩකයන් තුළ ඇත්තේ ද අකැමැත්තකි.

ලෝක කුසලාන තරගාවලියේදී ‘බී’ කාණ්ඩයෙන් තරග වදින දකුණු අපි‍්‍රකානු කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයට මුහුණ දෙන්නේ ලබන සෙනසුරාදා ජපාන කණ්ඩායමට එරෙහිවය.


අදහස් (0)

වර්ණභේදවාදයේ කළු සෙවණැළි යළිත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.