ආසියානු රග්බි ශූරතාවලියේ I වැනි කොටසේ තරගාවලියට සහභාගි වීම සඳහා කරමින් ලබන මස මැලේසියාව බලා පිටත් වීමට නියමිත ශ්‍රී ලංකා 15 සාමාජික රග්බි කණ්ඩායම තෝරාගැනීමට ක්‍රීඩකයන් 74 දෙනකුගෙන් සමන්විත සංචිතයක් කැඳවා තිබේ. ශ්‍රී ලංකා 15 සාමාජික රග්බි කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස ෆිජී ජාතික ෆෙරෙටි වෙරබුලා පත් කරමින් ආසියානු රග්බි පිටියේ නව ඉසව් සොයා යාමට පටන් ගෙන ඇති ශ්‍රී ලංකා රග්බි ආයතනය මේ සංචිතයේ පුහුණුවීම් කටයුතු නව පුහුණුකරුට පවරා තිබේ.
ආසියානු රග්බි ශූරතාවලියේ I වැනි කොටසේ තරගාවලිය මැයි මස 14 වැනිදා මැලේසියාවේ දී ආරම්භ වන අතර පළමු දිනයේදී පිලිපීනය සමග තරග වැදීමට නියමිත ශ්‍රී ලංකා පිල මැයි 17දා එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමගත්, මැයි මස 20දා මැලේසියාව සමගත් තරග කරනු ඇත.
ශ්‍රී ලංකා පිලට නැවත ආසියානු රග්බි ශූරතාවලියේ ප්‍රධානතම තරගාවලියට එක්වීමට නම් මේ පළමු කොටසේ තරගාවලිය ජයගත යුතුය.
නිමාවූ අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේදී ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ වෙරබුලා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරුවකු ලෙස කටයුතු කරන පළමු අවස්ථාව මෙය වේ. මීට පෙර ඔහු පැපුවා නිව්ගිනියා සත් සාමාජික රග්බි පිලේ පුහුණුකරු ලෙසද කටයුතු කළේය.
ශ්‍රී ලංකා 15 සාමාජික රග්බි සංචිතය :
ගනුක දිසානායක, ශෙහාන් දිමිත්‍රි, ගයාන් රත්නායක, සයුරි ඇන්තනී, චමීර සිල්වා, ශෙහාන් පතිරණ, බුවනෙක උඩංගමුව, රොෂාන් වීරරත්න, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, අර්ෂද් ජමාල්ඩීන්, ෆාසිල් මරිජා, ධනුෂ්ක රන්ජන්, කාංචන රාමනායක, රිචඞ් ධර්මපාල, ලවංග පෙරේරා, විශ්වමිත්‍ර ජයසිංහ, දනූෂ දයාන්, ජේසන් දිසානායක, නයිජල් රත්වත්ත, ගයාන් වීරරත්න, අනුරුද්ධ විල්වර, තිළිණ විජේසිංහ (මහනුවර ක්‍රීඩා සමාජය), කවිඳු ද කොස්තා, ෂේන් සම්මදපෙරුම, තාරික් සාලේ, තරින්ද රත්වත්ත, භානුක නානායක්කාර, ෂසාන් මොහොමඞ්, කවිඳු පෙරේරා, ප්‍රින්ස් චාමර, ඕමල්ක ගුණරත්න, අනුරාධ හේරත්, චාමර සඳනායක, ගයාන් ජයමාන්න, රීසා මුබාරක් (සී.ආර්.ඇන්ඞ් එෆ්.සී.) සුදර්ශන මුතුතන්ත්‍රී, ෂැරෝ ප්‍රනාන්දු, ගනිඳු ලක්ෂාන්, ලසිඳු කරුණාතිලක, සුදම් සූරියආරච්චි, ජේසන් මෙල්ඩර්, දුෂ්මන්ත ප්‍රියදර්ශන, ප්‍රසාද් මධුසංඛ, දුලාජ් පෙරේරා, නිරෝෂන් ප්‍රනාන්දු, හිරන්ත පෙරේරා, නිෂෝන් පෙරේරා, රොහාන් ත්‍යාගරාජා, චාමර දාබරේ, අෂාන් ඩාලින්, කෙවින් ඩික්සන් (හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය) ධනුෂ්ක පෙරේරා, සුපුන් පීරිස්, නිවංක ප්‍රසාද්, සජිත් සාරංග, සත්‍යා රණතුංග, ස්ටීවන් ග්‍රෙගරි, දුලාංජන විජේසිංහ, චානක චන්දිමාල්, රිචී ධර්මපාල, ලී කීගල්, දිනූෂ චතුරංග, බුද්ධිම පියරත්න, තිළිණ වීරසිංහ, ළහිරු ලක්ෂාන්, සාලිය හඳපාන්ගොඩ (නාවික හමුදා ක්‍රීඩා සමාජය) මූෂින් ෆලීල්, ජොයෙල් පෙරේරා, රදීෂ සෙනෙවිරත්න, අචල පෙරේරා, චාල්ස් ප්‍රවීන්, වජීද් ෆවුමි, රීසා රෆායිඩීන් (පොලිස් ක්‍රීඩා සමාජය), ඉරංග ආරියපාල (යුද හමුදා ක්‍රීඩා සමාජය)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.