Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එකිනෙකා අබිබවා පෙරමුණ ගැනීමේ තුන්කොන් සටනට එක්වී සිටින කණ්ඩායම් දෙකක් වන මහනුවර ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර උණුසුම් තරගයක් ක්‍රීඩාලෝලීන්ට දැකබලා ගැනීමේ අවස්ථාව උදාකරමින් නිත්තවෙල ක්‍රීඩාංගණයේදී ලබන ඉරිදා (15) දෙපිල මුහුණට මුහුණ ගැටෙති. මේ සති අන්තයේ කාගෙත් කතාබහට ලක්වන තරගය බවට පත්වී ඇති මේ තරගයට පිවිසෙන මහනුවර පිල ප්‍රසාද ලකුණු 45 ක් ලබා තුන්වැනි තැන පසුවන අතර නාවික හමුදා පිල ප්‍රසාද ලකුණු 46 ක් ලබා දෙවැනි තැන රැඳී සිටිී.
මෙම සති අන්තයේ අනෙක් තීරණාත්මක තරගය වන්නේ ලබන ඉරිදාම රත්මලානේදී පැවැත්වීමට නියමිත හැව්ලොක්ස් යුද හමුදා තරගයයි. මෙවර තරගාවලියේ ආරම්භයේ දී සෙසු කණ්ඩායම්වලට දැඩි අභියෝගයක් එල්ල කළ ශ්‍රී ලංකා යුද හමුදා පිල හැව්ලොක්ස් පිල හමුවට පිවිසෙන්නේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රැක ගැනීමේ අටියෙනි. ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයට මේ වනවිට තරග 9 කින් එක් තරගයක් පමණක් පරාජයට පත්වී සිටී.
පසුගිය සති අන්තයේ පැවැති දෙවැනි වටයේ තරගයෙන් සී.ආර්.පිල පරදවා ලකුණු 32--27 ක තියුණු ජයක් අත්කර ගැනීමට මහනුවර පිල සමත්වූ අතර ගුවන් හමුදා පිල ලකුණු 29--21 කින් පරදවා සිය ස්ථානය රැක ගැනීමට නැවියෝ සමත්වූහ.
දෙවැනි වටයේ තුන්වැනි සති අන්තයේ තරග ආරම්භ කරමින් හෙට (13) පස්වරුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදා පිල සහ පොලීස් කණ්ඩායම අතර තරගය රත්මලානේදී පැවැත්වෙයි. පසුගිය සති අන්තයේ දී හැව්ලොක්ස් පිල වෙතින් ලකුණු 29-13ක පරාජයක් ලැබූ පොලිස් කණ්ඩායම හෙට තරගයට එක්වන්නේ සිය ජයග්‍රහණ මල්ලට දෙවැනි ජයග්‍රහණය එකතු කිරීමේ අරමුණ ඇතිවය.
මෙවර ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි තැනට පත්වී සිටින සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. කණ්ඩායම සෙනසුරාදා (14) දෙවැනි වටයේ සිය තුන්වැනි තරගයට එක්වන්නේ ජයග්‍රහණ ඉඩෝරයකට හසුවී ලකුණු සටහනේ අවසන් තැනට වැටී සිටින සී.එච්.ඇන්ඞ් එෆ්.සී. කණ්ඩායමට එරෙහිවය. පසුගිය සතියේ දී පිට පිට 9 වැනි වරටත් සී.එච්.පිලට පරාජයේ වේදනාව උරුමකර දෙනු ලැබුවේ ලකුණු 43--8 ක දැවැන්ත පරාජයක් ගෙන දුන් යුද හමුදා පිල විසිනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.