Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ අන්තර් පාසල් රග්බි තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ ඉසිපතන විදුහල අද (11 වැනිදා) සමත් විය.
කොළඹ රාජකීය විදුහලට එරෙහිව කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී ලකුණු 24-17 ක ජයක් වාර්තා කරමින් ඉසිපතන ක්‍රීඩකයෝ අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්හ.
ආරම්භයේ සිටම ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක නිරත වූ ඉසිපතන විදුහල පළමු අර්ධය අවසානයේ ලකුණු 21-05 ක‍් ලෙස තරගයේ පෙරමුණ ගත්තේය. එහිදී ඉසිපතන ක්‍රීඩකයන් ගෝල දිනුම් 3 ක් මගින් ලකුණු ලබාගත් අතර රාජකීයයන් ලකුණු ලබාගත්තේ උත්සාහක දිනුමක් මගිනි.
තරගයේ 11 වැනි විනාඩියේදී ඉසිපතන විදුහල වෙන්වෙන් ශාකිබ් සුම්රි පළමු උත්සාහක දිනුම වාර්තා කළ අතර 14 වැනි සහ 19 වැනි විනාඩිවලදී නෙරිත් මයන්ක පිට පිටම උත්සාහක දිනුම් ද්විත්වයක් වාර්තා කළේය. එම උත්සාහක දිනුම් තුනෙහිම ප්‍රවර්ථනයන් සාර්ථක කරගනු ලැබුවේ නිමන්ත සංදීප විසිනි.
පළමු අර්ධය නිමා වීමට විනාඩි 3 ක් ඉතිරිව තිබියදී එනම් 32 වැනි විනාඩියේදී දිදුල ජයසූරිය රාජකීය විදුහල වෙනුවෙන් පළමු උත්සාහක දිනුම ලබාගත් නමුත් එහි ප්‍රවර්ථනය සාර්ථක කරමින් එය ගෝල දිනුමක් බවට පත් කිරීමට අනීක් රසූල් අපොහොසත් විය.
දෙවැනි අර්ධයේදී ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක නිරත වූ රාජකීයයෝ ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු 12 ක් ලබාගැනීමට සමත් වූහ. ඉසිපතන විදුහලට දෙවැනි අර්ධයේදී දඬුවම් පහරක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 3 ක් පමණක් වුවත්, පළමු අර්ධය අවසානයේ රඳවාගෙන සිටි ලකුණු පරතරය අනුව ඔවුන්ට ලකුණු 24-17 ක ජයක් හිමි විය.
රාජකීය විදුහල වෙනුවෙන් තරගයේ 63 වැනි විනාඩියේදී අමිල සමරසිංහ වාර්තා කළ උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කර ගැනීමට අනීක් රසූල් සමත් වුවද, ඔහුට 66 වැනි විනාඩියේදී දිනුක පෙරේරා වාර්තා කළ උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කරගැනීමට නොහැකි විය. 44 වැන විනාඩියේදී ඉසිපතන විදුහලට හිමිවූ දඬුවම් පහර සාර්ථක කරගනු ලැබුවේ නිමන්ත සංදීප විසිනි.
තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් ජය ලැබූ මහනුවර ත්‍රිත්ව විදුහල, අවසන් මහ තරගයේදී ඉසිපතන විදුහලේ ප්‍රතිවාදීන් බවට පත්ව සිටින අතර එම තරගය එළබෙන 18 වැනිදා පස්වරු 4.15 සිට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
(ඡායාරූප - කුෂාන් පතිරාජ)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.