Last Update  :  2025-06-09 18:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ඉසිපතන ක්‍රීඩකයෝ මහානාමයට බැට දෙති
අන්තර් පාසල් රග්බි

ඉසිපතන ක්‍රීඩකයෝ මහානාමයට බැට දෙති

editorial - 2025 ජුනි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් පළමු කොටසේ රග්බි තරගාවලියේ මූලික වටය යටතේ කොළඹ ඉසිපතන විදුහල සහ කොළඹ මහානාම විදුහල අතර අද (8 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 34-19 ක පහසු ජයක් වාර්තා කිරීමට ඉසිපතන විදුහල සමත් විය.

ඉසිපතන විදුහල ඉකුත් වසරේදී (2024) අන්තර් පාසල් පළමු කොටසේ රග්බි තරගාවලියේ අනු ශූරතාව හිමිකරගත් කණඩායම වන අතර මහානාම විදුහල මෙම වසරේදී (2025) පළමු කොටස යටතේ තරග වැදීමට සුදුසුකම් ලැබුවේ ඉකුත් වසරේදී දෙවැනි කාණ්ඩයේ අනු ශූරයන් බවට පත් වෙමිනි.

කොළඹ හැව්ලොක්ස්  ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 14-12 ක් ලෙස පෙරමුණ ගැනීමට ඉසිපතන ක්‍රීඩකයෝ සමත් වූහ. එහිදී ගෝල දිනුම් 2 ක් මගින් ඉසිපතන විදුහල ලකුණු ලබාගත් අතර මහානාම විදුහල ලකුණු ලබාගත්තේ ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගිනි.

දෙවැනි අර්ධයේදී ගෝල දිනුමක්, උත්සාහක දිනුම් 2 ක් සහ දඬුවම් පහරක් මගින් සිය කණ්ඩායමට තවත් ලකුණු 20 ක් එක්කර ගැනීමට ඉසිපතන ක්‍රීඩකයන් සමත් වෙද්දී, මහානාම ක්‍රීඩකයන්ට ගෝල දිනුමක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 7 ක් පමණි. ඒ අනුව නියමිත කාලය නිමාවට ඉසිපතන ක්‍රීඩකයෝ මෙම තරගයෙන් පහසු ජයක් ලැබූහ.

මේ අතර තරගාවලියේ පළමු සති අන්තය යටතේ පැවැති සෙසු තරගවලදී ජයග්‍රහණ වාර්තා කිරීමට බම්බලපිටිය ශාන්ත පීතර, ⁣කොළඹ වෙස්ලි, ගල්කිස්ස සාන්ත තෝමස්, මහනුවර ත්‍රිත්ව, කොළඹ ඩී.එස්. සේනානායක, කොළඹ රාජකීය, මරදාන සහිරා යන විදුහල් සමත් වූ අතර එහිදී  පිළිවෙළින් කොළඹ ආනන්ද, ගල්කිස්ස විද්‍යා, මහනුවර කින්ස්වුඩ්, මහනුවර ශ්‍රී සුමංගල, කටුගස්තොට ශාන්ත අන්⁣තෝනි, කොළඹ තර්ස්ටන් සහ මහනුවර ධර්මරාජ යන විදුහල් පරාජයට පත්විය.

මරදාන ශාන්ත ජෝෂප් විදුහල සහ මහනුවර විද්‍යාර්ථ විදුහල අතර සෙනසුරාදා (7 වැනිදා) පැවැති තරගය පමණක් ලකුණු 24-24 ක් ලෙස ලකුණු සම වීමෙන් අවසන් වූ අතර එහිදී දෙපිලම ගෝල 2 බැගින් සහ උත්සාහක දිනුම් 2 බැගින් වාර්තා කිරීමට සමත් විය.

 
 
 
 
(ඡායාරූප - කුෂාන් පතිරාජ)

අදහස් (0)

ඉසිපතන ක්‍රීඩකයෝ මහානාමයට බැට දෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.