Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ‘ජනාධිපති කුසලාන’ පිළිමළුන් පිටුදැකීමේ අන්තර් පාසල් රග්බි තරගාවලියේ අද (26 වැනිදා) පැවැති සිවුවැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී කොළඹ වෙස්ලි විදුහලට එරෙහිව ලකුණු 24-10 පහසු ජයක් වාර්තා කිරීමට කොළඹ ඉසිපතන විදුහල සමත් විය.
කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 10-10 ක් ලෙස දෙපිලම සම තත්වයේ පසුවිය. එහිදී කණ්ඩායම් දෙකම ලකුණු ලබාගත්තේ උත්සාහක දිනුම් 2 බැගින් වාර්තා කරමිනි.
දෙවැනි අර්ධයේදී වෙස්ලි විදුහලට ලකුණු ලබාගැනීමට කිසිදු අවස්ථාවක් නොදුන් ඉසිපතන ක්‍රීඩකයෝ, ගෝල දිනුම් 2 ක් මගින් තවත් ලකුණු 14 ක් සිය ලකුණු මල්ලට එක්කර ගනිමින් තරගයේ ජය තමන් සතුකර ගත්හ.
තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී කොළඹ ඩී.එස්. සේනානායක විදුහල පරාජය කළ කොළඹ රාජකීය විදුහලට එරෙහිව ඉසිපතන විදුහල එළබෙන 11 වැනිදා පස්වරු 4.15 ට හැව්ලොක්ස් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී දෙවැනි අවසන් පූර්ව තරගයට පිවිසීමට නියමිතය.
ඡායාරූපය - නිසල් බදුගේ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.