කොළඹ රාජකීය විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති ආධුනික බොක්සිං තරගාවලියේ වැඩි ගෞරව දිනාගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත් විය. රන් පදක්කම් 7 ක් සහ රිදී පදක්කම් 7 ක් දිනාගනිමින් යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එහිදී දස්කම් දැක්වූහ. මෙම තරගාවලියේ පිරිමි තරග බර පංති 10 ක් යටතේ පැවැති අතර කාන්තා තරග බර පංති 5 ක් යටතේ පැවැත්විණ.
එහිදී බැන්ටම් (කිලෝ ග්‍රෑම් 56) බර පංතියෙන් තරග වැදුණ හෙළ ක්ලෝතින් ක්‍රීඩා සමාජයේ ඒ. කේ. මදුරංග තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසත්, ලයිට් ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 48) බර පංතියෙන් තරග වැදුණ ලීනියා ක්‍රීඩා සමාජයේ ඒ. ජී. ගමගේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසත් සම්මාන දිනාගත්හ.
ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 52) බර පංතියෙන් තරග වැදුණ ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ ජී. ඩබ්ලිව්. මනරම් දක්ෂතම පරාජිතයා බවට පත්වූ අතර මිඞ්ල් (කිලෝ ග්‍රෑම් 69) බර පංතියෙන් තරග වැදුණ හෙළ ක්ලෝතින් ක්‍රීඩා සමාජයේ එස්. එස්. බෙරෙන්ජර් තරගාවලියේ දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව බවට පත්වූවාය.
ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධනය කළ මෙම තරගාවලියට මාස් සමූහ ව්‍යාපරය නියෝජනය කරන ස්ලිම්ලයින්, මාස් සදර්න්, යුනිචෙලා, සිලුවේටා, කැෂුවල්ලයින්, ගාන්ධාර, තුරුලි සහ ලීනියා යන ක්‍රීඩා සමාජද, යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව සහ පොලිසියද, දිවයින පුරා පාසල් රැසක්ද නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 133 දෙනෙක් සහභාගි වූහ.
පිරිමි තරග ප්‍රතිඵල
ලයිට් ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 49) බර පංතිය
ඩබ්ලිව්. අයි. සංජය (ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය) හමුවේ කේ. ඒ. අබේගුණවර්ධනයට (යුද හමුදාව) නිතරග ජයක් හිමිවිය.
ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 52) බර පංතිය
එම්. එම්. උදය කුමාර (යුද හමුදාව) විසින් ජී. ඩබ්ලිව්. මනරම් (ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය) පරාජය කරන ලදි.
බැන්ටම් (කිලෝ ග්‍රෑම් 56) බර පංතිය
ඒ. කේ. මදුරංග (හෙළ ක්ලෝතින් ක්‍රීඩා සමාජය) විසින් යූ. ආර්. රාජපක්ෂ (යුද හමුදාව) පරාජය කරන ලදි.
ලයිට් (කිලෝ ග්‍රෑම් 60) බර පංතිය
ජේ. පී. මධුසංඛ (ගුවන් හමුදාව) විසින් ඊ. ජී. ජයවීර (යුද හමුදාව) පරාජය කරන ලදි.
ලයිට් වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 64) බර පංතිය
කේ. එස්. භානුක (ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය) විසින් ජී. පී. සමීර (යුද හමුදාව) පරාජය කරන ලදි.
වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 69) බර පංතිය
වී. නික්ලස් (යුද හමුදාව) විසින් ඩබ්ලිව්. ඒ. අබේරත්න (ගුවන් හමුදාව) පරාජය කරන ලදි.
මිඞ්ල් (කිලෝ ග්‍රෑම් 75) බර පංතිය
ඩී. ඒ. දසනායක (යුද හමුදාව) හමුවේ ඩී. එස්. ප්‍රේමකුමාරට (යුද හමුදාව) නිතරග ජයක් හිමිවිය.
ලයිට් හෙවි (කිලෝ ග්‍රෑම් 81) බර පංතිය
ඒ. එල්. අමරසිංහ (යුද හමුදාව) විසින් පී. එස්. තිලකරත්න (ගුවන් හමුදාව) පරාජය කරන ලදි.
හෙවි (කිලෝ ග්‍රෑම් 91) බර පංතිය
ඩබ්ලිව්. ඒ. සඳකැළුම් (යුද හමුදාව) විසින් (යුද හමුදාව) පරාජය කරන ලදි.
සුපර් හෙවි (කිලෝ ග්‍රෑම් 91 ට වැඩි) බර පංතිය
ඩබ්ලිව්. ජී. ජයසේන (යුද හමුදාව) විසින් ඒ. ජී. ගුණවර්ධන (යුද හමුදාව) පරාජය කරන ලදි.
කාන්තා තරග ප්‍රතිඵල
ලයිට් ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 48) බර පංතිය
ඒ. ජී. ගමගේ (ලීනියා ක්‍රීඩා සමාජය) විසින් ඩී. එම්. සුභාෂිණී (යුද හමුදාව) පරාජය කරන ලදි.
ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 51) බර පංතිය
කේ. ඩබ්ලිව්. ප්‍රනාන්දු (තුරුලි ක්‍රීඩා සමාජය) විසින් පී. කේ. කෞෂල්‍යා (කැෂුවල් ලයින් ක්‍රීඩා සමාජය) පරාජය කරන ලදි.
බැන්ටම් (කිලෝ ග්‍රෑම් 54) බර පංතිය
එම්. ජී. දසුනිකා (හෙළ ක්ලෝතින් ක්‍රීඩා සමාජය) විසින් ආර්. කේ. රණසිංහ (කැෂුවල් ලයින් ක්‍රීඩා සමාජය) පරාජය කරන ලදි.
ලයිට් (කිලෝ ග්‍රෑම් 57) බර පංතිය
ඒ. කේ. කුමාරි (ලීනියා ක්‍රීඩා සමාජය) විසින් බී. ඩී. මෙන්ඩිස් (කැෂුවල් ලයින් ක්‍රීඩා සමාජය) පරාජය කරන ලදි.
මිඞ්ල් (කිලෝ ග්‍රෑම් 69) බර පංතිය
කේ. එස්. චේතනා (තුරුලි ක්‍රීඩා සමාජය) විසින් එස්. එස්. බෙරෙන්ජර් (හෙළ ක්ලෝතින් ක්‍රීඩා සමාජය) පරාජය කරන ලදි.
|
දක්ෂතම ක්‍රීඩකයා- ඒ. කේ. මදුරංග (හෙළ ක්ලෝතින් ක්‍රීඩා සමාජය) |
|
|
ආධුනික බොක්සිං තරගාවලියේ විශේෂ අවස්ථා ...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.