ශී‍්‍ර ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ හර්බට් ඇඹුල්දෙණිය - නීවා ඇබුල්දෙණිය අභියෝග ශූරතා පාසල් බොක්සිං තරගාවලියේ බාලක ශූරතාව දිනාගැනීමට හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යාලයත්, බාලිකා ශූරතාව දිනාගැනීමට හොරණ ප‍්‍රජාපතී බාලිකා විදුහලත් සමත් විය.
රන් පදක්කම් 2 ක් දිනාගනිමින් හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යාලය පිට පිටම 3 වැනි වරටත් හර්බට් ඇඹුල්දෙණිය අභියෝග ශූරතාවට හිමිකම් කී අතර හොරණ ප‍්‍රජාපතී බාලිකා විදුහල පිට පිටම 3 වැනි වරටත් නීවා ඇබුල්දෙණිය අභියෝග ශූරතාවට හිමිකම් කීවේ රන් පදක්කම් 6 ක් දිනාගනිමිනි.
තරගාවලියේ බාලක සහ බාලිකා අනුශූරතා හිමිකරගැනීමට පල්ලෙබෝවල මහ විදුහල සමත් විය.
පින් බර පංතියෙන් (කිලෝ ග‍්‍රෑම් 30 - 32) තරග වැදුණ පිලිමතලාව දීරානන්ද විදුහලේ එස්. එස්. සිංහපුත්තගේ තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස සම්මාන දිනාගත් අතර ලයිට් වෙල්ටර් බර පංතියෙන් (කිලෝ ග‍්‍රෑම් 44 - 46) තරග වැදුණ කොළඹ කේරි විදුහලේ ජේ. මැනුවෙල් දක්ෂතම පරාජිතයා ලෙස සම්මාන දිනාගත්තේය.
තරගාරවලියේ දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස ලයිට් බර පංතියෙන් (කිලෝ ග‍්‍රෑම් 42 - 44) තරග වැදුණ කඹුරුපිටිය මාපලාන විදුහලේ ඞී. ඞී. මධුෂානිද, දක්ෂතම පරාජිත කී‍්‍රඩිකාව ලෙස ලයිට් මිඞ්ල් බර පංතියෙන් (කිලෝ ග‍්‍රෑම් 48 - 50) තරග වැදුණ හොරණ ප‍්‍රජාපතී බාලිකා විදුහලේ එස්. එස්. ජයසිංහද සම්මාන දිනාගත්හ.
හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යාල කණ්ඩායම
හොරණ ප‍්‍රජාපතී බාලිකා විදුහල් කණ්ඩායම
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.