Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports හොකී පරිපාලනයට රිංගන්න නුසුදුස්සෝ පිඹුරුපත් හදති

හොකී පරිපාලනයට රිංගන්න නුසුදුස්සෝ පිඹුරුපත් හදති

සංජය එරමුදුගොඩ - 2015 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කී‍්‍රඩාවේ ඉහළම බලධාරියකුගේ ආශීර්වාදයද ඇතිව, ශ්‍රී ලංකා හොකී ක‍්‍රීඩාවේ පරිපාලනයට සුදුසුකම් නැති පිරිසක් පැමිණීමට මේ වන විට පිඹුරුපත් සකස්කරමින් සිටින බව හොකී කී‍්‍රඩාවේ ප‍්‍රවීණ පරිපාලකයෝ රැසක් චෝදනා කරති. ක‍්‍රීඩා අමාත්‍යංශය යටතේ වර්තමානයේ පාලනය වන හොකී ක‍්‍රීඩාවේ පරිපාලනය සඳහා පත්කිරීමට නියමිත කමිටුවකට මෙම පිරිස ඇතුල්වීමට උත්සාහ කරමින් සිටින බවට වාර්තා වේ.

අන්තර්ජාතික හොකී සංගමයෙන් අනතුරුහගවා තිබියදීත් ඉහළ ක‍්‍රීඩා බලධාරියකු හොකී පරිපාලනය සියතට ගනිමින් කණ්ඩායම්වලට තරගාවලිවලට සහභාගි වීම සහ හිටපු නිලධාරීන්ට විදේශ රැස්වීම්වලට සහභාගි වීමද මේ වන විට වලක්වමින් සිටින බවට චෝදනා එල්ල වේ.  

ක‍්‍රීඩා පනත ක‍්‍රියාත්මක කිරීමට යෑමෙන් ඇති වූ ව්‍යාකූල තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා හොකී සංගමයේ නිලවරණය පැවැත්වීම මේ වන විට අධිකරණ නියෝගයකින් අත්හිටුවා තිබේ.

අගනුවරට සම්බන්ධ හොකී සංගමයක පසුගියදා පැවැති රැස්වීමකදී හොකී පරිපාලනයට සුදුසුකම් සම්පූර්ණ කර නොමැති යැයි පැවසෙන කාන්තාවක් පරිපාලනයේ ඉහළ තනතුරකට පත්වීමේ සූදානමක් පිළිබඳව ප‍්‍රවීණ හොකී පරිපාලකයෝ රැසක් විරෝධය පළ කරති.

එම සංගම් රැස්වීමට එහි නීත්‍යානුකූල සාමාජිකයන්ගෙන් බහුතරයක් විරෝධය පළකරන බවත් එම රැස්වීමට පිටස්තර පුද්ගලයන් සහභාගි වූ බවටද චෝදනා එල්ල වී තිබේ.  

මේ පිළිබඳව ‘ලංකාදීප’යට අදහස් දැක්වූ හිටපු නිලධාරියෙක් පැවසුවේ පුහුණුකරුවකු හෝ විනිසුරුවකු ලෙස කටයුතු කරන්නේ නම් ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩා නීතියට අනුව හොකී පරිපාලනයට පැමිණිය නොහැකි බවයි.

”හොකී පරිපාලනය කළ යුත්තේ ඒ පිළිබඳව දැනුම තිබෙන අයයි. දැන් වෙනත් පිරිසක් උත්සහ කරනවා පරිපාලනයට එන්න. සුදුසුකම් තිබෙන කෙනෙක් පරිපාලනයට එනවා නම් අපි කිසිම ප‍්‍රශ්නයක් නෑ” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.   

 


අදහස් (0)

හොකී පරිපාලනයට රිංගන්න නුසුදුස්සෝ පිඹුරුපත් හදති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.