නුගේගොඩ මේසපන්දු සංගමය සංවිධානය කළ බස්නාහිර පළාත් ශේණිගත කිරීමේ මේසපන්දු තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස කොළඹ රාජකීය විදුහලේ හේලිත හෙන්ඳාවිතාරණද, දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස කොළඹ මියුසියස් විදුහලේ දෙව්මිණි වීරසේනද සම්මාන දිනාගත්හ.
විවෘත පිරිමි සහ වයස 18 න් පහළ බාලක ශූරතා දිනාගනිමින් හේලිත හෙන්ඳාවිතාරණ තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා බවට පත්විය. විවෘත පිරිමි අවසන් තරගයේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ සුරේෂ් කුමාර පරාජය කළ හේලිත වයස 18 න් පහළ බාලක අවසන් තරගයේදී ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දෙව්මිත් වීරසේනද පරාජය කරමින් ද්විත්ව ශූරතා දිනාගත්තේය.
තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩිකාව බවට පත්වූ දෙව්මිණි වීරසේන, විවෘත කාන්තා ශූරතාව දිනාගත්තේ කොළඹ කාන්තා විදුහලේ ජිතාරා වර්ණකුලසූරිය පරාජය කරමිනි. අනතුරුව කොළඹ බිෂොප් විදුහලේ නිමන්සා තල්දුව පරාජය කරමින් වයස 21 න් පහළ ශූරතාව දිනාගැනීමටද දෙව්මිණි සමත් වූ නමුත් කළුතර ශුද්ධ වූ පවුලේ කණ්‍යාරාමයේ සෙනුරි ද සිල්වා හමුවේ පරාජය වෙමින් වයස 18 න් පහළ අනුශූරතාව හිමිකර ගත්තාය.
වයස 8 න් පහළ සහ 10 න් පහළ බාලිකා ශූරතා දිනාගත් කොළඹ රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසලේ ෆාතිමා දීමා අලී තරගාවලියේ නැගී එන කී‍්‍රඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය.
හේලිත සහ දෙව්මිණි දෙදෙනාට අමතරව ෆාත්මාත් දීමා අලී, නිමේෂ් රංචාගොඩ (කොළඹ රාජකීය විදුහල) සහ ජිතාරා වර්ණකුළසූරිය (කොළඹ විශාකා විදුහල) මෙම තරගාවලියේදී ද්විත්ව ශූරතා දිනාගත්හ.
ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා බස්නාහිර පළාතේ පාසල් නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ රැසක් සහභාගී වූහ.
බාලක තරග ප‍්‍රතිඵල
වයස 8 න් පහළ
කකෙරු හෙන්නායක (කොළඹ ආනන්ද විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස දනුක් ළමාසූරිය (කොළඹ ආනන්ද විදුහල) පරාජය කරන ලදි. (11/6, 11/9)
වයස 10 න් පහළ
සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස තුමාල් අධිකාරි (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි. (11/7, 8/11, 11/7)
වයස 12 න් පහළ
තිසස් රාංචාගොඩ (කොළඹ රාජකීය විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල) පරාජය කරන ලදි. (11/06, 11/8, 11/13, 11/5)
වයස 15 න් පහළ
නිමේෂ් රංචාගොඩ (කොළඹ රාජකීය විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස දෙව්මිත් වීරසේන (නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල) පරාජය කරන ලදි. (11/5, 11/5, 11/6)
වයස 15 න් පහළ (යුගළ)
නිමේෂ් රංචාගොඩ සහ තිසස් රංචාගොඩ (කොළඹ රාජකීය විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස හේලිත හෙන්ඳාවිතාරණ සහ හේලික අධිකාරි (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදහ. (11/6, 11/7)
වයස 18 න් පහළ
හේලිත හෙන්ඳාවිතාරණ (කොළඹ රාජකීය විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස දෙව්මිත් වීරසේන (නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල) පරාජය කරන ලදි. (9/11, 11/7, 11/6, 6/11, 11/9)
බාලිකා තරග ප‍්‍රතිඵල
වයස 8 න් පහළ
ෆාත්මාත් දීමා අලී (කොළඹ රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසල) විසින් තරග වට 2-1 ක් ලෙස සිත්මි සියඹලාපිටිය (කොළඹ මියුසියස් විදුහල) පරාජය කරන ලදි. (9/11, 11/7, 11/5)
වයස 10 න් පහළ
ෆාත්මාත් දීමා අලී (කොළඹ රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසල) විසින් තරග වට 2-1 ක් ලෙස සහන්‍යා බුද්ධදාස (කොළඹ විශාකා විදුහල) පරාජය කරන ලදි. (11/9, 12/14, 14/12)
වයස 12 න් පහළ
අයිලා චිට්ටි (කොළඹ කාන්තා විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස නෙත්මි හෙට්ටිආරච්චි (ගම්පහ සිරිකුරුස විදුහල) පරාජය කරන ලදි. (11/13, 6/11, 11/7, 11/8, 11/5)
වයස 15 න් පහළ
ජිතාරා වර්ණකුළසූරිය (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස අයිලා චිට්ටි (කොළඹ කාන්තා විදුහල) පරාජය කරන ලදි. (11/8, 11/5, 9/11, 11/5)
වයස 15 න් පහළ (යුගළ)
ජිතාරා වර්ණකුළසූරිය (කොළඹ විශාකා විදුහල) සහ නෙත්මි හෙට්ටිආරච්චි (ගම්පහ සිරිකුරුස විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස අනුෂ්කා ද සිල්වා සහ උපමාලි රොද්‍රිගූ (කොළඹ කාන්තා විදුහල) පරාජය කරන ලදහ. (11/9, 6/11, 11/9)
වයස 18 න් පහළ
සෙනුරි ද සිල්වා (කළුතර ශුද්ධ වූ පවුලේ කණ්‍යාරාමය) විසින් තරග වට 3-1 ක් ලෙස දෙව්මිණී වීරසේන (කොළඹ මියුසියස් විදුහල) පරාජය කරන ලදි. (13/11, 10/12, 11/2, 11/8)
වයස 21 න් පහළ
දෙව්මිණී වීරසේන (කොළඹ මියුසියස් විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස නිමංසා තල්දුව (කොළඹ බිෂොප් විදුහල) පරාජය කරන ලදි. (11/5, 11/2, 11/2)
විවෘත තරග ප‍්‍රතිඵල
විවෘත පිරිමි
හේලිත හෙන්ඳාවිතාරණ (කොළඹ රාජකීය විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස සුරේෂ් පුෂ්පකුමාර (ශ්‍රී ලංකා යුද හමුදාව) පරාජය කරන ලදි. (8/11, 11/9, 20/18, 4/11, 11/6)
විවෘත කාන්තා
දෙව්මිණී වීරසේන (කොළඹ මියුසියස් විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස ජිතාරා වර්ණකුළසූරිය (කොළඹ විශාකා විදුහල) පරාජය කරන ලදි. (11/8, 11/8, 11/9)
හේලිත හෙන්ඳාවිතාරණ (කොළඹ රාජකීය විදුහල)
දෙව්මිණී වීරසේන (කොළඹ මියුසියස් විදුහල)
ෆාත්මාත් දීමා අලී (කොළඹ රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසල)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.