අට වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය කරාටේ ශූරතාවලියට සහභාගි වන නිට්ටඹුව සංඝබෝධි මධ්‍ය විද්‍යාලයේ එස්. එච්. පී හසරංගි ක‍්‍රීඩිකාවට මුල්‍ය අනුග‍්‍රහය දැක්වීම සඳහා හිටපු ටෙස්ට් ක‍්‍රිකට් නායක, වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් වී සිටී.
ඉන්දියාවේ නවදිල්ලි නුවරදී 8 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය කරාතේ ශූරතාවලිය අනිද්දා ආරම්භ වෙයි. එම ශූරතාවලිය සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන ජාතික කණ්ඩායම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 45 දෙනකුගෙන් සමන්විත වේ. නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලයේ එස්. එච්. පී හසරංගි එම කණ්ඩායමට එක්ව සිටින්නේ අවුරුදු 21 න් පහළ වයස් කාණ්ඩයෙනි.
අත්තනගල්ලේ පංදිචිව සිටින හසරංගි නොයෙකුත් මූල්‍ය අපහසුතාවලට මුහුණ දී සිටින හෙයින් එම තරගාවලිය සඳහා සහභාගි වීමට අර්ජුන රණතුංග මහතා ඇයට මූල්‍ය අනුග‍්‍රහය පිිරිනැමීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.