අම්බලන්ගොඩ සෙස්කා සංවිධානය විසින් 13 වෙනි වරටත් සංවිධානය කරනු ලබන වීවෘත කෙටි දුර පිහිනුම් තරගාවලිය මේ මස 6 වැනිදා අමබලන්ගොඩ ධර්මාශෝක විදුහල් පිහිනුම් තටාකයේ පැවැත්වේ.
වයස 8 න් පහළ, 10න් පහළ, 12න් පහළ, 14න් පහළ, 16න් පහළ සහ 19න් පහළ බාලක බාලිකා වශයෙන් වයස් කාණ්ඩ 6 ක් යටතේ මේ තරගාවලිය පැවැත්වේ. සෑම වයස් කාණ්ඩයක් සඳහාම තරග ඉසව් 5 ක් පැවැත් වේ.
තරගාවලියේ මුළු තරග ඉසව් ගණන 60 කි. ප‍්‍රථම,දෙවන හා තෙවන ස්ථාන සඳහා පිළිවෙලින් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් පිරිනමනු ලබන අතර ප‍්‍රදානය කරනු ලබන මුළු පදක්කම් සංඛ්‍යාව 180 කි.
තරගාවලිය සඳහා වැඩි විස්තර තරග සංවිධායක කැමරන් කුමාර මහතා (077-4011286) අමතා ලබා ගත හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.