Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ස්ටබ්ස් පළිහ බොක්සිං තරග 12 දා සිට

ස්ටබ්ස් පළිහ බොක්සිං තරග 12 දා සිට

සංජය එරමුදුගොඩ - 2015 සැප් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකා පාසල් බොක්සිං සංගමය සහ ආධුනික බොක්සිං සංගමය සමග එක්ව සංවිධානය කරන ‘ස්ටබ්ස් පළිහ’ බොක්සිං තරගාවලිය මේ මස 12 වැනිදා සිට 15 වැනිදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

මෙම තරගාවලිය කාණ්ඩ 3 කින් පැවැත්වෙන අතර එහිදී පාසල් (වයස 13- ත්  14 ත් අතර), කනිෂ්ඨ (වයස 15ත් -16 ත් අතර) සහ යොවුන් (17- ත් 18 ත් අතර) යන කාණ්ඩ යටතේ බාලක සහ බාලිකා අංශ දෙකෙන්ම තරග පැවැත්වේ.

ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ පාසල් බොක්සිං තරගාවලියේදී රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගත් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට පමණක් මෙම තරගාවලියට සහභාගි විය හැකිය.

බාලක අංශයේදී කිලෝ ග‍්‍රෑම් 33-35, 35-37, 37-39, 39-41, 41-43 සහ 43-45 යන බර පංති 6 යටතේ පාසල් කාණ්ඩයේ කී‍්‍රඩකයන් සඳහා තරග පැවැත්වෙන අතර කිලෝ ග‍්‍රෑම් 44-46, 46-48, 48-50, 50-52 සහ 52-54 යන බර පංති 5 යටතේ කනිෂ්ඨ කාණ්ඩයේ කී‍්‍රඩකයන් සඳහා තරග පැවැත්වේ.

යොවුන් කාණ්ඩයේ කී‍්‍රඩකයන් සඳහා තරග පැවැත්වෙන්නේ කිලෝ ග‍්‍රෑම් 46-49, 49-52, 52-56, 56-60 සහ 60-64 බර පංති 5 යටතේය.

බාලිකා අංශයේදී කිලෝ ග‍්‍රෑම් 33-35 බර පංතිය යටතේ පාසල් කාණ්ඩයේ කී‍්‍රඩිකාවන් සඳහාද, කිලෝ ග‍්‍රෑම් 44-46 බර පංතිය යටතේ කනිෂ්ඨ කාණ්ඩයේ කී‍්‍රඩිකාවන් සඳහාද තරග පැවැත්වෙන අතර කිලෝ ග‍්‍රෑම් 45-48 සහ 48-51 යන බර පංති දෙක යටතේ යොවුන් කාණ්ඩයේ කී‍්‍රඩිකාවන් සඳහා තරග පැවැත්වේ.

මෙහිදී පාසල් කාණ්ඩයේ තරග විනාඩි 1 1/2 බැගින් වන වට 3 කින්ද, කනිෂ්ඨ කාණ්ඩයේ තරග විනාඩි 2 බැගින් වන වට 3 කින්ද සමන්විත වන අතර යෙවුන් කාණ්ඩයේ තරග විනාඩි 3 බැගින් වන වට 3 කින් සමන්විත වේ.

මෙහි සියලූ තරග අන්තර් ජාතික ආධුනික බොක්සිං සම්මේලනය හඳුන්වාදුන් නව නීති රීති වලට අනුව පැවැත්වීමට කටයුතු යොදා ඇත.
 
තරගාවලියේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන්ට පදක්කම් සහ සහතිකපත් පිරිනැමෙන අතර බාලක ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ස්ටබ්ස් පළිහ හිමිවේ.

තරගාවලියට සහභාගී වන්නන් සඳහා පැවැත්වෙන වෛද්‍ය පරීක්ෂණය සහ බර මැනීමේ පරීක්ෂණය මේ මස 11 වැනිදා පෙරවරු 7.00 සිට 10.00 දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

එක් පාසලකින් මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් කළ හැකි වන්නේ එක් කණ්ඩායමක් පමණක් වන අතර එක් බර පංතියක් සඳහා ඉදිරිපත් කළ හැකි වන්නේ එක් කී‍්‍රඩකයක් සහ කී‍්‍රඩිකාවක් පමණි.

තරගාවලියට සහභාගි වීමට අවශ්‍ය තරගකරුවන් ‘බී. ඒ. අබේරත්න, ශාරීරික අධ්‍යාපන අධ්‍යක්‍ෂ, අධ්‍යාපන අමාත්‍යංශය, ඉසුරුපාය, බත්තරමුල්ල’ යන ලිපිනයට සිය අයැදුම්පත් යොමුකළ යුතුය.

 


අදහස් (0)

ස්ටබ්ස් පළිහ බොක්සිං තරග 12 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.