කැලණිය විශ්ව විද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන අංශය සහ හොකී කණ්ඩායම එක්ව 2 වැනි වරටත් සංවිධානය කරන ‘කැළණි සය සාමාජික හොකී තරගාවලිය ඔක්තෝබර් මස 7 වැනිදා කැළණි විශ්ව විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
කැළණිය, පේරාදෙණිය, මොරටුව, ශී‍්‍ර ජයවර්ධනපුර, කොළඹ, සබරගමුව, රජරට, වයඹ, රුහුණ, ඌව වෙල්ලස්ස, නැගෙනහිර, යාපනය යව විශ්ව විද්‍යාල 12 ක කණ්ඩායම්වල සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය පිරිමි සහ කාන්තා ලෙස කාණ්ඩ 2 ක් යටතේ පැවැත්වේ.
මෙහි මූලික වටයේ තරග කාණ්ඩා 4 ක් යටතේ ලීග් ක‍්‍රමයට අනුව පැවැත්වෙන අතර එම කාණ්ඩවල පළමු සහ දෙවැනි ස්ථාන දිනාගන්නා කණ්ඩායම් අර්ධ අවසන් අවසන් පූර්ව වටයට තෝරාගැනේ.
තරගාවලියේ ශූරතාව සහ අනුශූරතාව දිනාගන්නා කණ්ඩායම්වලට මෙන්ම දක්ෂතම කී‍්‍රඩකයාට සහ කී‍්‍රඩිකාවටද කුසාලන සහ සහතිකපත් පිරිනැමීමට සංවිධායක මණ්ඩලය සූදානමින් සිටියි.
ඉකුත් වසරේ පැවැති තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට මොරටුව විශ්ව විද්‍යාල කණ්ඩායම සමත් වූ අතර කාන්තා ශූරතාව දිනාගැනීමට පේරාදෙණිය විශ්ව විද්‍යාල කණ්ඩායම සමත් විය.
●●●
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.