අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවන 31 වැනි සමස්ත ලංකා පාසල් ක‍්‍රීඩා උළෙලේ තෙවැනි අදියර යටතේ ක‍්‍රීඩා හයක් අද (01) සිට 4 වැනිදා දක්වා පැවැත්වේ.
තෙවැනි අදියර යටතේ ටෙනිස්, අයෝමය ශිෂ්‍යයා තේරීම්, පාපැදි තරග, ශාරීරික අභ්‍යාස, සැහැල්ලූ පන්දු ක‍්‍රිකට් සහ ත්‍රෝබෝල් යන ක‍්‍රීඩා පැවැත්වේ.
මෙවර ක‍්‍රීඩා උළෙල අදියර හතරක් යටතේ ක‍්‍රියාත්මක වන අතර ජවන හා පිටිය මලල ක‍්‍රීඩා තරගාවලිය අවසන් අදියර ලෙස පැවැත්වේ. මලල ක‍්‍රීඩා තරගාවලිය ඔක්තෝබර් මස 8 වැනිදා සිට 12 වැනිදා දක්වා දියගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මලල ක‍්‍රීඩා තරගාවලියේ සමාරම්භක උළෙල අග‍්‍රාමත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් වන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් ද, සමාප්ති උත්සවය ඔක්තෝබර් මස 12 වැනිදා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ද, පැවැත්වීමට නියමිතය.
තෙවැනි අදියර කාලටහන
| ක‍්‍රීඩාව | ස්ථානය | දිනය |
| ටෙනිස් | කොළඹ ටෙනිස් සංගම් මූලස්ථානය | ඔක්. 1, 2, සහ 3 |
| අයෝමය ශිෂ්‍යයා | හංවැල්ල රාජසිංහ මැදි මහ විදුහල | ඔක් 02 |
| පාපැදි | කොළඹ විහාරමහාදේවි උද්‍යානය වටා | ඔක්. 2 සහ 3 |
| ශාරීරික අභ්‍යාස | වේයන්ගොඩ සියනෑ විද්‍යා පීඨය | ඔක්. 1 සහ 2 |
| සැහැල්ලූ පන්දු ක‍්‍රිකට් | පානදුර සහ වාද්දුව | ඔක්. 2, 3 සහ 4 |
| ත්‍රෝබෝල් | මහනුවර, නුගවෙල මධ්‍ය විද්‍යාලය | ඔක්. 2, 3 සහ 4 |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.