සිංගප්පුරුවේ පැවැති ‘සිංගප්පුරු’ ආරාධිත බර ඉසිලිමේ තරගාවලියේදී රන් පදක්කම් 2 ක් සහ රිදී පදක්කමක් දිනාගැනීමට ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ සමත් වූහ.
සිංගප්පුරුවේ චංගි යු. ඊ. සම්මේලන මධ්‍යස්ථානයේදී පසුගියදා පැවැති මෙම තරගාවලියට රටවල් රැසකින් ක‍්‍රීඩකයෝ 94 දෙනෙක් සහභාගිවුහ.
කිලෝග‍්‍රෑම් 150 ට අඩු බර පංතියේ රන් පදක්කම දිනා ගැනීමට ඩරීන් වීරසිංහ සමත් වූ අතර රන්සිඵ ජයතිලක කිලෝග‍්‍රෑම් 120 බර පංතියෙන් රන් පදක්කම දිනාගත්තේය. දීප්ත විදානපතිරණ කිලෝග‍්‍රෑම් 93 බර පංතියෙන් රිදී පදක්කම හිමිකර ගත්තේය.
ක‍්‍රීඩකයෝ හය දෙනෙක් මෙම තරගාවලියේදී ශී‍්‍ර ලංකාව නියෝජනය කළහ. තරගාවලියට සහභාගිවීම සඳහා ඩැරන්ට යුනයිටඞ් ට‍්‍රැක්ටර් ඇන්ඞ් ඉක්විප්මන්ට් සමාගම අනුග‍්‍රාහය දැක්වීය.
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.