ක්රීඩා අමාත්යංශය සංවිධානය කරන 41 වැනි ජාතික මහා ක්රීඩා උළෙලේ බර ඉසිලීමේ තරගාවලියේ කාන්තා බර පංතිවලදී ඞී. එච්. ගෝමස් සහ ඒ. එස්. වික්රමසිංහ නව ශ්රී ලංකා වාර්තා දෙකක් පිහිටුවීමට සමත්වුහ. තරගාවලිය කොළඹ ක්රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ක්රීඩා සංකීර්ණයේදී පැවැත්විණ.
ලබන වසරේ පෙබරවාරී මස ඉන්දියාවේ පැවැත්වෙන දකුණු ආසියානු ක්රීඩා උළෙලට සහභාගිවන ක්රීඩක ක්රීඩිකාවන් තෝරා ගැනීමද මෙම තරගාවලියේ දස්කම් මත සිදු කෙරේ.
කිලෝග්රෑම් 48 බර පංතියෙන් තරග කළ ඞී. එච්. ගෝමස්, ස්නැච් ක්රමයට කිලෝග්රෑම් 68 ක්ද, ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක්රමයට කිලෝග්රෑම් 81 ක්ද සමග එකතුව කිලෝග්රෑම් 149 ක් ඔසවමින් නව ශ්රී ලංකා වාර්තාව පිහිටුවුවාය.
ඒ. එස්. වික්රමසිංහ කිලෝග්රෑම් 75 බර පංතියෙන් තරග කළාය. ඇය ශ්රී ලංකා වාර්තාව පිහිටුවීම සදහා ස්නැච් ක්රමයට කිලෝග්රෑම් 72 ක්, ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක්රමයට කිලෝග්රෑම් 91 ක් සහ එකතුව කිලෝග්රෑම් 163 ක් එසවුවාය.
තරගාවලියේ කාන්තා බර පංතිවලදී නව තරග වාර්තා හතරක් ද, පිරිමි බර පංතිවල නව තරග වාර්තා තුනක් ද පිහිටුවන ලදි. දක්ෂතම බර ඔසවන්නා ලෙස අයි. සී. දිසානායක සම්මාන දිනාගත් අතර ඞී. එච්. ගෝමස් දක්ෂතම බර ඔසවන්නිය ලෙස තේරී පත් වුවාය.
නව තරග වාර්තා
පිරිමි
කිලෝග්රෑම් 56 බර පංතිය
ජේ. ඒ. එස්. ලක්මාල් (ස්නැච් ක්රමයට කි.ග්රෑ. 109)
කිලෝග්රෑම් 69 බර පංතිය
ඞී. එම්. අයි. සී. දිසානායක (ස්නැච් ක්රමයට කි.ග්රෑ. 130, එකතුව කි.ග්රෑ.188)
කිලෝග්රෑම් 105 ට වැඩි බර පංතිය
ජී. සී. ජයවික්රම (ස්නැච් ක්රමයට කි.ග්රෑ.135, එකතුව කි.ග්රෑ.285)
කාන්තා
කිලෝග්රෑම් 53 බර පංතිය
ඩබ්. වර්ණකුලසුරිය (ස්නැච් කි.ග්රෑ.70, ක්.ඇ.ජ. කි.ග්රෑ.91, එකතුව කි.ග්රෑ.161)
කිලෝග්රෑම් 58 බර පංතිය
එම්. ඔමිරා (ස්නැච් කි.ග්රෑ.64, එකතුව 144)
කිලෝග්රෑම් 69 බර පංතිය
ඞී. සී. ප්රියන්ති (ස්නැච් කි.ග්රෑ.73, ක්.ඇ.ජ. කි.ග්රෑ.90, එකතුව කි.ග්රෑ.163)
කිලෝග්රෑම් 75 බර පංතිය
අයි. ඒ. කඵතන්ත්රී (ස්නැච් 76, ක්.ඇ.ජ. කි.ග්රෑ.95, එකතුව කි.ග්රෑ.171)
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.