Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශා. සිල්වෙස්ටර් - ධර්මපාල ශූරතා දිනති

ශා. සිල්වෙස්ටර් - ධර්මපාල ශූරතා දිනති

සංජය එරමුදුගොඩ - 2016 සැප් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ත්‍රිකුණාමලයේ ඕර්’ස් හිල් විවේකානන්ද විද්‍යාලයේදී පැවැති සමස්ත ලංකා පාසල් කැරම් ශූරතාවලියේ වයස 19 පහළ බාලක ශූරතාව දිනාගැනීමට මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල සමත් විය. එහි බාලිකා ශූරතාව දිනාගත්තේ පන්නිපිටිය ධර්මපාල විදුහලයි.

අවසන් මහ තරගයේදී මොරටුව වේල්ස් කුමර විදුහල පරාජය කරමින් ශාන්ත සිල්වෙස්ටර් විදුහල බාලක ශූරතාව දිනාගත්තේය. ධර්මපාල විදුහල බාලිකා ශූරතාව දිනාගත්තේ අවසන් මහ තරගයේදී නුගේගොඩ මහාමායා විදුහල පරාජය කරමිනි.

වයස 19 පහළ බාලක කාණ්ඩයේ තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලද, බාලක කාණ්ඩයේ තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට නුගේගොඩ සමුද්‍රදේවි විදුහලද සමත් විය.

තරගාවලියේ වයස 15 න් පහළ බාලක ශූරතාව දිනාගැනීමට කොළඹ රාජකීය විදුහල සමත් වූයේ අවසන් මහ තරගයේදී මොරටුව වේල්ස් කුමර විදුහල පරාජය කරමිනි. නුගේගොඩ සමුද්‍රදේවි විදුහල පරාජය කළ නුගේගොඩ මහාමායා විදුහල වයස 15 න් පහළ බාලිකා ශූරතාව දිනාගැනීමට සමත් විය.  

මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහලේ අයි. එන්. කලංසූරිය තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසත්, පන්නිපිටිය ධර්මපාල විදුහලේ කෞෂල්‍යා ලක්සරණි දක්ෂතම ක්‍රීඩිකාව ලෙසත් සම්මාන දිනාගත්හ.


- 036

දක්ෂතම ක්‍රීඩකයා - මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහලේ අයි. එන්. කලංසූරිය

දක්ෂතම ක්‍රීඩිකාව - පන්නිපිටිය ධර්මපාල විදුහලේ කෞෂල්‍යා ලක්සරණි

වයස 15 න් පහළ බාලක ශූරතාව දිනාගත් කොළඹ රාජකීය විදුහල

වයස 15 න් පහළ බාලිකා ශූරතාව දිනාගත් නුගේගොඩ මහාමායා විදුහල

වයස 19 පහළ බාලක ශූරතාව දිනාගත් මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල

වයස 19 පහළ බාලිකා ශූරතාව දිනාගත් පන්නිපිටිය ධර්මපාල විදුහල

 


අදහස් (0)

ශා. සිල්වෙස්ටර් - ධර්මපාල ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.