Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වෙළඳ සේවා බැඩ්මින්ටන් සංගමය 32 වැනි වරටත් සංවිධානය කරන වෙළඳ සේවා අන්තර් සමාගම් බැඩ්මින්ටන් (කණ්ඩායම්) තරගාවලිය මේ මස 10, 11, 16 වැනිදා සිට 18 වැනිදා දක්වාත්, 23 වැනිදා සිට නොවැම්බර් මස 1 වැනිදා දක්වාත් කොළඹ 7, මලලසේකර මාවතේ වෙළෙඳසේවා බැඩ්මින්ටන් සංගම් මූලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
තරගාවලියේ පිරිමි තරග ‘ඒ’, ‘බී’, ‘සී’, ‘ඞී’, ‘ඊ’, ‘එෆ්’, ‘ජී’ සහ ‘එච්’ යන කාණ්ඩ 8 යටතේ පැවැත්වෙන අතර කාන්තා තරග ‘ඒ’, ‘බී’, ‘සී’, ‘ඞී’, සහ ‘ඊ’ යන කාණ්ඩ 5 යටතේ පැවැත්වේ. පිරිමි තරගාවලිය සඳහා කණ්ඩායම් 145 ක්ද, කාන්තා තරගාවලිය සඳහා කණ්ඩායම් 48 ක්ද තරග වදින අතර සමාගම් 69 ක් නියෝජනය කරමින් ඊට ඇතුළත්ව සිටින කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සංඛ්‍යාව 1170 කි.
වෙළඳ සේවා බැඩ්මින්ටන් සංගමයට අනුබද්ධ කී‍්‍රඩා සංවිධාන නියෝජනය කරන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට පමණක් මෙම තරගාවලියට සහභාගී විය හැකිය. තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවය නොවැම්බර් මස 1 වැනිදා පස්වරු 4.00 සිට පැවැත්වේ.
ඩියුලක්ස් සමාගම මෙවරද තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකත්වය දරණ අතර ඔවුන් මේ වන විට 17 වරක් මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස කටයුතු කර තිබේ.
තරගාවලිය පිලිබඳ වැඩි විස්තර 0772-442432 අංකය ඔස්සේ වෙළඳ සේවා බැඩ්මින්ටන් සංගමයේ උප සභාපති රොෂාන් ප‍්‍රනාන්දු මහතා ඇමතීමෙන් ලබාගත හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.