Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports විවෘත පාපැදි තරගය හෙට

විවෘත පාපැදි තරගය හෙට

සංජය එරමුදුගොඩ - 2015 දෙසැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාඇල සීදුව සම්පත් ක‍්‍රිෂාන්ත ක‍්‍රීඩා සමාජය සංවිධානය කරන විවෘත රේසිං පාපැදි තරගාවලිය හෙට (19 වැනිදා) සීදුව කටුනායකදී පැවැත්වේ. විවෘත තරගයට සමගාමීව විවෘත රේසිං (වයස 50 ට වැඩි සහ වයස 60 ට වැඩි) ප‍්‍රවීණයන් සඳහා තරග දෙකක්ද පැවැත්වේ.

විවෘත තරගය කිලෝමීටර 140 ක දුරකට පැවැත්වෙන අතර ප‍්‍රවීණයන්ගේ තරගය පැවැත්වෙන දුර ප‍්‍රමාණය කිලෝමීටර 50 කි. ජයලත් සිනමා ශාලාව අසලින් ඇරැඹෙන සුපිරි තරගය සීදුව අමන්දොඵව ඇවරියවත්ත, 18 කණුව, කටුනායක හරහා වට තුනකින් සමන්විතව පැවැත්වේ.

විවෘත සුපිරි තරගයේ ශූරයාට රුපියල් 60,000 ක්ද, දෙවැනි ස්ථානය දිනාගන්නා ක‍්‍රීඩකයාට රුපියල් 40,000 ක් සහ තෙවැනි ස්ථානය ලබන්නාට රුපියල් 30,000 ක් ලෙස පහළොස්වැනි ස්ථානය දක්වා ත්‍යාග පිරිනැමේ.

ශ‍්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සහයෝගයෙන් ගම්පහ දිස්ත‍්‍රික් පාපැදි සංගමය මෙහෙයවන මෙම තරගාවලියට අබාන්ස් හීරෝ සහ කටුනායක කොක් ෆිට් සමාගම අනුග‍්‍රහය දක්වයි. තරග සහා සහභාගිවන තරගකරුවන්ට හෙට පෙරවරු 7.30 දක්වා අයැදුම්පත් බාර දිය හැකිය.

 


- 090

 


අදහස් (0)

විවෘත පාපැදි තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.