ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කළ ශත සංවත්සර ජාතික ටෙනිස් ශූරතාවලියේ රෝද පුටු අංශයේ කේවල ශූරතාව දිනා ගැනීමට ගාමිණී දිසානායක සමත් විය.
අවසන් මහ තරගයේදී වට 2-1 ක් ලෙස සුරේෂ් ධර්මසේන පරාජය කරමින් ඔහු එම ශූරතාවට හිමිකම් කිවේය.
පළමු අවසන් පූර්ව තරගයේ වට 2 ක් අවසන් වන විට ලයනල් සේනාරත්න සිය ප‍්‍රතිවාදියා වූ සුරේෂ් ධර්මසේනට ජයග‍්‍රහණය පිරිනමා තරගයෙන් ඉවත් වූ නිසා සුරේෂ් අවසන් මහ තරගයට පිවිසීමට හැකිවිය. ගාමිණී දිසානායක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් මහ තරගයේදී වට 2-1 ක් ලෙස ඩබ්ලිව්. පී. ජේ. විජේසිරි පරාජය කරමිනි.
රෝද පුටු අංශයේ යුගල ශූරතාව දිනා ගැනීමට ගාමිණී දිසානායක සහ සුනිල් පෙරේරා සමත් වූ අතර අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස කේ. ඒ. ධර්මකීර්ති සහ සුරේෂ් ධර්මසේන ඔවුන් හමුවේ පරාජයට පත්වූහ.
පළමු අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් ලෙස ඩබ්ලිව්. ජී. කේ. නදීක සහ ප‍්‍රදීප් කුමාර පරාජය කරමින් ගාමිණී දිසානායක සහ සුනිල් පෙරේරා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර කේ. ඒ. ධර්මකීර්ති සහ සුරේෂ් ධර්මසේන අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් ලෙස ආර්. ඒ. රණවීර සහ ඩබ්ලිව්. පී. ජේ. විජේසිරි පරාජය කරමිනි.
කොළඹ ටෙනිස් සංගම් මුලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස භාරතී එයාර්ටෙල් සමාගම කටයුතු කළ අතර නිල පන්දු සැපයුම්කරුවා ලෙස ඩන්ලොප් සමාගම කටයුතු කළේය.
රෝද පුටු කේවල අවසන් මහ තරගය
රෝද පුටු කේවල අවසන් පූර්ව තරග
රෝද පුටු යුගල අවසන් මහ තරගය
රෝද පුටු යුගල අවසන් පූර්ව තරග
ගාමිණී දිසානායක රෝද පුටු කේවල ශුරතාව ලබා ගනිමින්
ගාමිණී දිසානායක සහ සුනිල් පෙරේරා රෝද පුටු යුගල ශුරතාව ලබා ගනිමින්
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.