Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports රුහුණු සරසවියට මේසපන්දු ජය රැසක්

රුහුණු සරසවියට මේසපන්දු ජය රැසක්

සංජය එරමුදුගොඩ - 2015 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොරටුව විශ්ව විද්‍යාලයීය මේසපන්දු කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සංවිධානය කරන ලද ‘මෝරා ස්මෑෂස් 2015’ මේසපන්දු තරගාවලියේදී ජයග‍්‍රහණ රැසක් හිමිකර ගැනීමට රුහුණු විශ්ව විද්‍යාලයීය කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත් වූහ.

රුහුණු විශ්ව විද්‍යාලයේ තුෂානි මුතුමාලි, කාන්තා කේවල ඉසව්වේ අනුශූරතාව හිමිකරගත් අතර අනුපමා හංසමාලි සමග එක්ව කාන්තා යුගළ ඉසව්වේ ශූරතාවද දිනාගත්තාය.

ශශික මාලන් සමග එක්ව පිරිමි යුගළ ඉසව්වේ ශූරතාව දිනාගත් තිවංක තීක්ෂණ, මිශ‍්‍ර යුගළ ඉසව්වේ ශූරතාව දිනාගත්තේ අනුපමා හංසමාලි සමග තරග වදිමිනි.
 
කණ්ඩායම් තරගයේදී කාන්තා සහ පිරිමි අනුශූරතා ද්විත්වයම රුහුණු විශ්ව විද්‍යාලයට හිමි විය. අශාන් ශෂික (නායක), ශශික මාලන්, ජෝෂප් කියුලස්, කසුන් මධුශංක සහ නිර්මික කරුණානායක පිරිමි කණ්ඩායම නියෝජනය කරමින් තරගයට සහභාගී වූ අතර මනුෂි පමෝදා (නායිකා), ශාක්‍යා දේශපි‍්‍රය, තුෂානි මුතුමාලි, අනුපමා හංසමාලි සහ පමෝදා සමරවීර කාන්තා කණ්ඩායම නියෝජනය කරමින් තරගයට සහභාගී වූහ.

රුහුණු විශ්ව විද්‍යාලයීය මේසපන්දු පුහුණුකාරිණිය ලෙස වසන්තා නිෂාමනී කොඩිකාර මහත්මිය කටයුතු කළාය.

 

 

 

 

 

 

 

 

 

 


- 036


අදහස් (0)

රුහුණු සරසවියට මේසපන්දු ජය රැසක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.