Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports යුද හමුදා පැරා කී‍්‍රඩා උළෙල 16 දා සිට

යුද හමුදා පැරා කී‍්‍රඩා උළෙල 16 දා සිට

සංජය එරමුදුගොඩ - 2015 සැප් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා යුද හමුදාව සංවිධානය කරන පැරා කී‍්‍රඩා උළෙලේ අවසන් අදියර වන මලල කී‍්‍රඩා තරගාවලිය මේ මස 16 වැනිදා සිට 18 වැනිදා දක්වා දියගම මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

තරගාවලියේ කී‍්‍රඩා 13 ක ඉසව් මේ වන විට අවසන් වී ඇති අතර මලල කී‍්‍රඩා තරග පමණක් ඉහත දින වලදී පැවැත්වීමට නියමිතය.  

යුද හමුදා කී‍්‍රඩකයන් 450 කට ආසන්න පිරිසක් මෙවර තරගාවලියට සහභාගී වන අතර ඊට ඉන්දියාව, පාකිස්තානය, ඉන්දුනීසියාව, මැලේසියාව සහ නේපාලය යන රටවල් නියෝජනය කරමින්ද කී‍්‍රඩකයන් සහභාගි වීමට නියමිතය.

2016 වසරේදී බ‍්‍රසීලයේ රියෝ ද ජෙනයිරෝ නගරයේදී පැවැත්වෙන පැරා ඔලිම්පික් තරගාවලිය සඳහා යුද හමුදාවේ මලල කී‍්‍රඩකයන් 6 ක්, පිහිනුම් කී‍්‍රඩකයන් 2 ක්, ඉලක්කයට වෙඩි තැබීමේ කී‍්‍රඩකයන් 2 ක්, දුන්නෙන් විදීමේ කී‍්‍රඩකයන් 2 ක්, සහ රෝද පුටු ටෙනිස් කී‍්‍රඩකයන් 2 ක් සහභාගී කරවීමට බලාපොරොත්තුවන බව යුද හමුදා පැරා කී‍්‍රඩා පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකදී යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී මේජර් ජෙනරල් ජගත් ඩයස් මහතා කියා සිටියේය.

රියෝ පැරා කී‍්‍රඩා උළෙල සඳහා වන පරිසාධන මට්ටමට ලගාවන කී‍්‍රඩකයන් මෙම තරගාවලියේදී තෝරාගෙන ඔවුන් විදේශීය පුහුණුකරුවකු යටතේ පුහුණු සැසි වලට සහභාගී කරවීමටත් තමන් බලාපොරොත්තු වන බවද යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී මේජර් ජෙනරල් ජගත් ඩයස් මහතා වැඩිදුරටත් කියා සිටියේය.


ඡායාරූපය - ශානුක අරවින්ද


අදහස් (0)

යුද හමුදා පැරා කී‍්‍රඩා උළෙල 16 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.