Last Update  :  2026-04-03 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports බේස්බෝල් විධායක සභාවට එරෙහිව ක්‍රීඩා ඇමැතිට පැමිණිල්ලක්

බේස්බෝල් විධායක සභාවට එරෙහිව ක්‍රීඩා ඇමැතිට පැමිණිල්ලක්

editorial - 2026 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

රටේ බේස්බෝල් ක්‍රීඩාවේ සිදුවී ඇතැයි කියන වත්මන් පරිහාණියට ශ්‍රී ලංකා බේස්බෝල් සම්මේලනයේ වත්මන් විධායක සභාව වගකිවයුතු බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශණයක් ඉල්ලා එහි හිටපු විධායක නිලධාරී තීක්ෂණ ගම්මන්පිල මහතා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

සම්මේලනයේ නිල වෙබ් අධවියේ ඇතුළත් විද්‍යුත් (ඊමේල්) ලිපිනයට 2023 -24 යන වසරවලදී ලැබුණු පණිවුඩ මකා දැමීම, එහි මුර පද විධායක නිලධාරීයාට ලබාදීම ප්‍රතික්ෂේප කිරීම,2025 වසරට ආදාළව කිසිදු දේශීය තරගාවලියක් සංවිධානය නොකිරීම,විදෙස් තරග සංචාරයකදී ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායමට ලැබුණු බව කියන කාමර පහසුකම් සම්මේලනයේ එක් නිලධාරියකුගේ මැදිහත්වීමෙන් ඔහුගේ පවුලේ අයට ලබාදීමට කටයුතු කිරීම, බේස්බෝල් සම්මේලනයේ විශේෂ මහ සභා රැස්වීමේ වාර්තාව කූට ලෙස වෙනස් කිරීම හා එහිදී නිලවරණයක් වහාම කැඳවීම හා ඒ සදහා නිලවරණ කමිටුව පත් කිරීම යන යෝජනා සම්මතවී තිබියදී එම කරුණු වාර්තාවට ඇතුළත් නොකිරීමෙන් හිතා මතා එම කරුණු වසන් කිරීමට කටයුතු කිරීම

තමා විධායක නිලධාරී ධූරයෙන් ඉල්ලා අස්වීම කමිටු වාර්තාවෙන් ඉවත් කිරීම යන කරුණු සම්බන්ධයෙන් වහාම විමර්ශණයක් සිදු කරන ලෙස එහිදී තීක්ෂණ ගම්මන්පිල මහතා ක්‍රීඩා ඇමැතිවරයාට කළ පැමිණිල්ලේ දැක්වේ.

ශ්‍රී ලංකා බේස්බෝල් සම්මේලනයේ වත්මන් විධායක සභාවේ මේ වන විට ප්‍රධාන ලේකම්, භාණ්ඩාගාරික යන ධූර ඇතුළුව ධුර පහක් හිස්ව පවතින බවද වාර්තාවේ.ගම්මන්පිල මහතා ජාතික බේස්බෝල් කණ්ඩායමේ හිටපු උප නායකයෙකි.

බේස්බෝල් සම්මේලනයේ පසුගිය ක්‍රියාකාරකම් තුළ එහි නිලධාරීන්ගේ  නොහැකියාව, නොසැලකිල්ල පෙන්නුම් කර ඇති බවත් දේශීය බේස්බෝල් ක්‍රීඩාවේ වත්මන් පරිහානිය ක්‍රීඩා ඇමැතිවරයා  නොදැන සිටීම ගැටළුවක් බවත් ගම්මන්පිල මහතා පවසයි.


අදහස් (0)

බේස්බෝල් විධායක සභාවට එරෙහිව ක්‍රීඩා ඇමැතිට පැමිණිල්ලක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.