Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports බැඩ්මින්ටන් ශූරතාව බස්නාහිරට

බැඩ්මින්ටන් ශූරතාව බස්නාහිරට

ශනුක අරවින්ද - 2015 දෙසැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හතලිස් එක්වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට බස්නාහිර පළාත් කණ්ඩායමත්, කාන්තා ශූරතාව දිනාගැනීමට දකුණු පළාත් කණ්ඩායමත් සමත් විය.

ශ‍්‍රී ලංකා බැඞ්මින්ටන් සංගම් ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේ පිරිමි අනුශූරතාව දකුණු පළාත් කණ්ඩායමට හිමිවූ අතර කාන්තා අනුශූරතාව බස්නාහිර පළාත් කණ්ඩායමට හිමිවිය.

තරග වට 2-0 ක් ලෙස නිරෝෂන් ජෝන් පරාජය කළ ඉමේෂ් හසරංග පිරිමි කේවල ශූරතාව දිනාගනිද්දී, තරග වට 2-0 ක් ලෙස උපුලි සමන්තිකා පරාජය කළ නදීෂා ගයත‍්‍රි කාන්තා කේවල ශූරතාව දිනාගත්තාය.  

පිරිමි යුගළ අවසන් මහ තරගයේදී තරග වට 2-1 ක් ලෙස හසිත චානක හා ළහිරු මදුෂාන් පරාජය කිරීමට මදුෂාන් රජිත දහනායක සහ හර්ෂ පෙරේරා සමත් වූ අතර කාන්තා යුගළ අවසන් මහ තරගයේදී තරග වට 2-0 ක් ලෙස දිල්රුක්ෂි මදුෂිකා සහ දීමන්ති භාග්‍යා පරාජය කිරීමට  ඕෂදී කුරුප්පු සහ උපුලි සමන්තිකා සමත් වූහ.

මිශ‍්‍ර යුගළ ශූරතාව දිනාගැනීමට හසිත චානක සහ නදීෂා ගයත‍්‍රි සමත් වූයේ අවසන් මහ තරගයේදී ම¥ෂ විභවි සහ  ඕෂදී කුරුප්පු පරාජය කරමිනි.

තරග ප‍්‍රතිඵල

පිිරිමි කේවල
ඉමේෂ් හසරංග විසින් තරග වට 2-0 ක් ලෙස නිරෝෂන් ජෝන් පරාජය කරන ලදි. (21/16, 21/13)

පිරිමි යුගළ
රජිත දහනායක සහ හර්ෂ පෙරේරා තරග වට 2-1 ක් ලෙස හසිත චානක හා ළහිරු මදුෂාන් පරාජය කරන ලදහ. (16/21, 21/16, 24/22)

කාන්තා කේවල
නදීෂා ගයත‍්‍රි විසින් තරග වට 2-0 ක් ලෙස උපුලි සමන්තිකා පරාජය කරන ලදි. (23/21, 21/13)

කාන්තා යුගළ
ඕෂදී කුරුප්පු සහ උපුලි සමන්තිකා විසින් තරග වට 2-0 ක් ලෙස දිල්රුක්ෂි මදුෂිකා සහ  දීමන්ති භාග්‍යා පරාජය කරන ලදහ. (21/15, 21/12)

මිශ‍්‍ර යුගළ
හසිත චානක සහ නදීෂා ගයත‍්‍රි තරග වට 2-0 ක් ලෙස ම¥ෂ විභවි සහ  ඕෂදී කුරුප්පු පරාජය කරන ලදහ. (21/11, 21/15)

-036

 


අදහස් (0)

බැඩ්මින්ටන් ශූරතාව බස්නාහිරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.