Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports බස්නාහිර පළාත ඉදිරියෙන්

බස්නාහිර පළාත ඉදිරියෙන්

සංජය එරමුදුගොඩ - 2015 දෙසැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දියගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන 41 වැනි ජාතික මහ ක‍්‍රීඩා උළෙලේ ඊයේ පැවැති මලල ක‍්‍රීඩා ඉසව් අවසානයේදී බස්නාහිර පළාත් කණ්ඩායම රන් පදක්කම් 72 ක් ලබා සමස්ත පදක්කම් සටහනේ පෙරමුණ ගෙන සිටියි.

බස්නාහිර පළාත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ රිදී පදක්කම් 61 ක් සහ ලෝකඩ පදක්කම් 45 ක් ද ලබා තිබේ.

දෙවැනි ස්ථානයේ සිටින මධ්‍යම පළාත මේ වන විට දිනා ඇති රන් පදක්කම් ගණන 46 කි. රිදී පදක්කම් 31 ක් සහ ලෝකඩ පදක්කම් 56 ක් මධ්‍යම පළාත් පිල සතුය. වයඹ පළාත රන් පදක්කම් 22 ක්, රිදී පදක්කම් 25 ක් සහ ලෝකඩ පදක්කම් 33 ක් දිනා පදක්කම් සටහනේ තෙවැනි ස්ථානයේ පසුවෙයි.



 


අදහස් (0)

බස්නාහිර පළාත ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.