Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports බස්නාහිර - නැගෙණහිර කබඩි ශූරතා දිනති

බස්නාහිර - නැගෙණහිර කබඩි ශූරතා දිනති

සංජය එරමුදුගොඩ - 2015 දෙසැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක‍්‍රීඩා අමාත්‍යංශය සංවිධානය කරන 41 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ කබඩි තරගාවලියේ පිරිමි ශූරතාව නැගෙනහිර පළාත් කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී. එහි කාන්තා ශූරතාව දිනා ගැනීමට බස්නාහිර පළාත් ක‍්‍රීඩිකාවෝ සමත් වුහ.

මන්නාරම පළාත් සභා ගෘහස්ත ක‍්‍රීඩා සංකීර්ණයේදී මෙම තරග පැවැත්විණ.

තරගාවලියේ පිරිමි අවසන් තරගයේදී උතුරු පළාත් පිල ලකුණු 41/16 කින් පරදවා නැගෙනහිර පළාත් පිල ජය ලැබීය. පිරිමි අවසන් පුර්ව වටයේදී  උතුරු පළාත් කණ්ඩායම විසින් බස්නාහිර පළාත් කණ්ඩායම (27/10) පරාජය කරන ලද අතර නැගෙනහිර පළාත් කණ්ඩායම විසින් දකුණු පළාත් කණ්ඩායම (35/11) පරාජය කරන ලදී.

දකුණු පළාත් කණ්ඩායම ලකුණු 22/17 කින් පරදවමින් බස්නාහිර පළාත් කණ්ඩායම තෙවැනි ස්ථානය හිමිකරගත්තේය.

බස්නාහිර පළාත් කණ්ඩායම සහ උතුරු මැද පළාත් කණ්ඩායම අතර පැවැති කාන්තා අවසන් තරගයෙන් බස්නාහිර පළාත් ක‍්‍රීඩිකාවෝ ලකුණු 32/20 ක ජයක් ලැබුහ.

කාන්තා අවසන් පුර්ව වටයේදී උතුරු මැද පළාත් කණ්ඩායම හමුවේ වයඹ පළාත් කණ්ඩායම ලකුණු 23/19 ක පරාජයක් ලැබු අතර දකුණු පළාත් කණ්ඩායම ලකුණු 23/11 කින් පරදවා බස්නාහිර පළාත් කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

තෙවැනි ස්ථානය සදහා පැවැතිතරගයෙන් වයඹ පළාත පරදවා දකුණු පළාත (14/11) ජය ගත්තේය.

 


- 090


අදහස් (0)

බස්නාහිර - නැගෙණහිර කබඩි ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.