දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ (සාග්) බර ඉසිලීමේ තරගාවලියට සහභාගිවන ශ‍්‍රී ලංකා කණ්ඩායමට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තේරීමේ තරග දෙසැම්බර් මස 2 සහ 3 දෙදින කොළඹ ටොරින්ටන්හි ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේදී පැවැත්වේ.
මෙම තේරීම් තරග සඳහා දිවයිනේ සියලූ පළාත්වලින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහභාගිවීමට නියමිත බවත්, ජාතික ශූරතාවලිය මෙන් උණුසුම් තරගකාරීත්වයක් මෙම තරගවලදී අපේක්‍ෂා කරන බවත් ශ‍්‍රී ලංකා බර ඉසිලීමේ සංගමයේ සභාපති නාලක හේවාමද්දුම මහතා පැවසීය.
ලබන වසරේ (2016) පෙබරවාරී මස 6 වැනිදා සිට 16 වැනිදා දක්වා ඉන්දියාවේ ඇසෑම් ප‍්‍රාන්තයේ ප‍්‍රධාන නගර දෙකකදී 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිතය.
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.