ඉන්දියාවේ ගුජරාත් ප‍්‍රාන්තයේ සුරාත් නගරයේදී මේ මස 16 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වෙන 21 වැනි පොදුරාජ්‍ය මණ්ඩලයීය මේසපන්දු තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙම 15 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.
තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම 10 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඊට කී‍්‍රඩකයෝ 4 දෙනෙක්, කී‍්‍රඩිකාවෝ 4 දෙනෙක්, පුහුණුකරුවෙක් සහ කාන්තා භාර නිලධාරිනියක් ඇතුළත්ව සිටිති.
‘ස්ටැග්’ මේසපන්දු විද්‍යායතනයේ රොහන් සිරිසේන පිරිමි කණ්ඩායමේ නායකත්වය දරන අතර ප‍්‍රසාද් සිල්වා (මහනුවර විද්‍යාර්ථ විදුහල), නිර්මල ජයසිංහ (මාස් හෝල්ඩිංස් සමාගම), චමීර ගිණිගේ (කොමාර්ෂල් ක්‍රෙඩිට් ආයතනය) යන කී‍්‍රඩකයෝ එහි සෙසු සාමාජිකයෝ වෙති.
කාන්තා කණ්ඩායමට එරන්දි වරුසවිතාන (ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය), හංසනී පියුමිලා (කොළඹ විශාකා විදුහල) සහ රුවිනි කන්නංගර (ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය) යන කී‍්‍රඩිකාවන් ඇතුළත්ව සිටින අතර ‘ස්ටැග්’ මේසපන්දු විද්‍යායතනයේ ඉෂාරා මධුරංගි එහි නායකත්වය දරන්නීය.
බුදසිරි විතානච්චි මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් තරගාවලියට සහභාගි වන අතර ඩිල්මිනි ඩිරෙක්ස් මහත්මිය කාන්තා භාර නිලධාරිණිය සහ කළමනාකාරිණිය ලෙස ඊට සහභාගි වීමට නියමිතය.
කෙසේ වුවත් මේ වසරේ (2015) මේසපන්දු ජාතික ශූරයා සහ ශූරිය බවට පත්වූ මහනුවර විද්‍යාර්ථ විදුහලේ උදය රණසිංහ සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නුවනි නවෝද්‍යා මෙම තරගාවලියට සහභාගී වන කණ්ඩායමට ඇතුළත් නොවේ.
තරගාවලිය පැවැත්වෙන කාලය තුළදී අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටීමට සූදානමින් පසුවන නිසා උදය රණසිංහ තේරීම් තරග වලට සහභාගී වී නොමැති අතර අසනීප තත්ත්වයන් හේතුවෙන් තේරීම් තරගවලිදී සිය සුපුරුදු දස්කම් දැක්වීමට නොහැකි වීම හේතුවෙන් නුවනි නවෝද්‍යාට තරගාවලියට සහභාගී වීමේ වරම් අහිමිවී තිබේ.
මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීමේ තරග ඉකුත්දා ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ත කී‍්‍රඩාංගණයේදී පැවැති අතර නිමල් ලූකස්, සුනිමල් ප‍්‍රනාන්දු සහ එල්. පි‍්‍රයංගනී යන මහත්ම මහත්මීහූ එම තෝරාගැනීම් කටයුතු බාරව කටයුතු කළහ.
තරගාවලියට සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ත කී‍්‍රඩාංගණයේදී පුහුණුවීම් වල නිතරත වන බව ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ ලේකම් කසුන් උදාර මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.