Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පෙස්ටා හොකී තරගාවලියට කණ්ඩායම් 4 ක් යති

පෙස්ටා හොකී තරගාවලියට කණ්ඩායම් 4 ක් යති

සංජය එරමුදුගොඩ - 2015 දෙසැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ මස 10 වැනි දා සිට 13 වැනිදා දක්වා මැලේසියාවේ පීනෑන් නුවර පැවැත්වීමට නියමිත 42 වැනි පෙස්ටා ජාත්‍යන්තර හොකී තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන හොකී කණ්ඩායම් 4 ක් ඊයේ (08) දිවයිනෙන් පිටත්ව ගියහ.

තරගාවලිය වයස 15 න් පහළ හා 18 න් පහළ වයස් කාණ්ඩ අනුව බාලක සහ බාලිකා යන අංශ දෙකින්ම පැවැත්වෙන අතර ඉන්දියාව, මැලේසියාව, සිංගප්පූරුව, චීන-තායිපේ, තායිලන්තය, මැකාවෝ සහ ඉන්දුනිසියාව යන රටවල් සහභාගිවීමට නියමිතය.

වයස 15 න් පහළ බාලිකා කණ්ඩායමේ නිලධාරීන් ලෙස ඉන්ද්‍රවංශ හේරත් හා පාලිත වාසලගේ යන මහත්වරුන් කටයුතු කරන අතර කණ්ඩායම් භාරකරු ලෙස සී. කරුණානායක මහත්මිය කටයුතු කරන්නීය. 18 න් පහළ බාලිකා කණ්ඩායමේ නිලධාරීන් ලෙස ශිරෝමන්ත විජේසිංහ මහතා, තමරා අත්තනායක මහත්මිය හා ආර්. මුණියන්ඩි මහතා කටයුතු කරන අතර කණ්ඩායම් භාරකරු ලෙස සී. කරුණානායක මහත්මිය සහභාගි වනු ඇත.

වයස 15 න් පහළ බාලක කණ්ඩායමේ නිලධාරීන් ලෙස මොහොමඞ් හනීෆ් හා ටී.එම්. ෂාෆී යන මහත්වරු කටයුතු කරන අතර 18 න් පහළ බාලක කණ්ඩායමේ නිලධාරීන් ලෙස ඉන්දික ජයවර්ධන හා සුමිත් දිසානායක යන මහත්වරු කටයුතු කරති. එම කණ්ඩායම් දෙකේම භාරකරු ලෙස සී. කරුණානායක මහත්මිය කටයුතු කරයි.

 

●●●


අදහස් (0)

පෙස්ටා හොකී තරගාවලියට කණ්ඩායම් 4 ක් යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.